චිකන් හට්ටි ( තාච්චි ) රෝස්ට්
- පියුමි තණවීර ආරච්චි විසිණි.
තරමක ලොකු කෑලි කපපු චිකන් කිලෝ 1ක් ගන්න...හොඳට සෝදලා මේ ටික දාලා සීසන් වෙන්න තියන්න
කහ තේ හැඳි බාගයයි
මිරිස් කුඩු තේ හැඳි 2
අඹරාගත් අමු මිරිස් කරල් 2
අඹරාගත් ඉඟුරු සුදු ලූණු තේ හැඳි 2
තලා ගත් ලොකු ලූනු ගෙඩි 1
තලා ගත් කරඳමුංගු කරාබු නැටි 2-3
කුරුඳු පොතු අඟලක කෑල්ලක්
පොඩියට කඩා ගත් කරපිංචා ඉත්තක්
විනාකිරි තේ හැඳි 2
දෙහි බෑයක යුෂ
ලුණු තේ හැඳි එකහමාරක්
එලවලු තෙල් මේස හැඳි 2ක්
තලා ගත් ගම්මිරිස් තේ හැඳි 2
මේ ඔක්කොම දාලා හොඳින් කලවම් කර පැයක් දෙකක් ෆ්රිජ් එකේ ටියන්න...
දැන් පතුල ගනකම තාච්චියක් ලිපේ තියලා තෙල් මේස හැඳි 5ක් විතර දාලා රත් කරන්න
තෙල් රත් වෙනකොට ඒකට අබ තේ හැන්දි 1ක්, සූදුරු තේ හැඳි බාගයක් දමන්න
අබ පුපුරනකොට කරපිංචා කොල 20ක් විතර දාන්න
යන්තම් තලා ගත් ගම්මිරිස් ඇට තෙඣ් හැන්දක් දාන්න
හීනියට කපා ගත් වියලි මිරිස් කරල් 4ක් දාන්න
තෙම්පරාදු කර ගන්න ( තත්පර 10ක් විතර )
දැන් සීසන් කල චිකන් කෑල්ල කෑල්ල එකතු කරන්න
වැඩි ගින්දරෙ ඒ පැත්ත මේ පැත්ත පෙරල පෙරල උයනා
විනාඩි 5කට විතර පස්සෙ ගින්දර අඩු කරලා, පියනකින් වහලා විනාඩි 10ක් විතර උයා ගන්න
දෑන් ආයෙ පියන ඇරලා චිකන් ටික ඒ පැත්ත මේ පැත්ත පෙරලන්න
ආයෙත් පියන වහලා පිස ගන්න...මේ විදියට විනාඩි 30ක් විතර තෙම්පරාදු කරන්න
දැන් ආයෙත් ගින්දර අඩු කරලා පියන ඇරලා තෙම්පරාදු වෙන්න දෙන්න..
දැන් ලිපෙන් අයින් කරලා ලුණු, දෙහු ඇඹුල් එකතු කරන්න.....ම්ම්ම් සුවඳයි...රසයි....
( පොත ඇසුරෙනි)
![]() By Niranjala Fernando Views - 3 |
![]() By Kanchana Jayasekara Views - 635 |
![]() By Wishmi Views - 519 |
![]() By Kanchana Jayasekara Views - 540 |
![]() By Kanchana Jayasekara Views - 311 |
![]() By Indunee Welivita Views - 7615 |
![]() By Shiki Ranasinghe Views - 6964 |
![]() By Ruwanthika Madushani Views - 6140 |
![]() By Dilini Madushika Views - 5141 |
![]() By Chathurani Priyangika Views - 5116 |