katatarasata.com

 

 

නියුටෙලා හොට් චොක්ලට් ඩ්‍රින්ක් විත් මාශ්මෙලෝස්

- නෙරන්ජලා ප්‍ර‍නාන්දු විසිණි.



අවශ්‍ය ද්‍රව්‍ය -

කිරි කප් 1 ( 250ml ) - මම ගත්තෙ තේ අඩු කෝප්ප 1
නියුටෙලා මේස හැදි 2
මිනි මාශ්මෙලෝස් 

අවශ්‍යනම්,
* කුරුදු කුඩු පිංචක් 
* විප් ක්‍රීම් 

සාදන ක්‍රමය -

1. ෆ්‍රෙෂ් මිල්ක් හෝ හොද කිරි රසයට හදාගත් කිරි එකෙන් බාගයක් භාජනයකට දමා ලිපතබා රත් කරන්න.
2. එයට නියුටෙලා දමා විස්ක් එකකින් හොදින් හැදිගාමින් දියකර ගන්න.
3. නියුටෙලා දියවූ පසු අනික් කිරි ටිකත් එක්කර නොනවත්වාම හැදිගාමින් උණුකර ගන්න. ඉතුරුවෙ නැති වුනත් ගොඩක් රත් වෙන්න ඕනා. 
4. කුරුදු කුඩු ටිකත් එක්කර ගන්න.
5. මාශ්මෙලෝස් කැමතිනම් කූරක ගසා ගින්දරට අල්ලා ටිකක් පුළුස්සා ගන්න. යන්තමින් වටේ. අවශ්‍යම නැත.
6. චොකලට් මිශ්‍රණය කෝප්පයකට දමා මාශ්මෙලෝස් උඩින් දමාගන්න.
කැමතිනම් මාශ්මෙලෝස් උඩින් විප්ක්‍රීම් දමා ඒ උඩින් නැවතත් මාශ්මෙලෝස් ටිකක් දමා කුරුදු කුඩු ටිකක් ඉසගන්න.

## කෝප්ප කිහිපයක් හදන විට නියුටෙලා වල රසය ගැන ටිකක් බලන්න. ඒ අනුව අවශ්‍යනම් නියුටෙලා ප්‍රමාණය අඩුකර ගන්න.

## මාශ්මෙලෝස් දියවී චොකලට් එක්ක මිශ්‍ර වන විට රසය වැඩිවේ..

## මේ ප්‍රමාණය එක්කෙනෙකුටයි 

නෙරන්ජලා ප්‍ර‍නාන්දු ගේ වෙනත් කෑම වට්ටෝරු


අඹ ස්මූති
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

අඹ මිල්ක්ශේක්
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

රෙන්ච් බ්‍රෙඩ් ( ප්‍රංශ පාන් )
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

පරිප්පු මැල්ලුම්
නෙරන්ජලා ප්‍ර‍නාන්දු
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 618
සුදු ළූණු කළු කරිය
By Wishmi
Views - 511
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 528
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 308
චිකන් බිරියානී,
By Shashiya Shashi
Views - 916
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 7584
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 6944
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 6111
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 5123
පැනි රොටී
By Chathurani Priyangika
Views - 5098
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'