katatarasata.com

 

 

අයිස් කෝපි

- තිලිනි ගයත්‍රී මුතුනායක විසිණි.



අවශ්‍ය දේවල් (මේ ප්‍රමාණ වලින් 300 ක් පමණ පිරිසකට ප්‍රමාණවත්.)
-----------------
*වැනිලා අයිස්ක්‍රීම් ලීටර් 20 
*නැවුම් එලකිරි(fresh milk) ලීටර් 18
*සීනි 1 kg
*කෝපි 300g
* ජලය ලීටර් 1

සාදන ක්‍රමය
----------------
1.වතුර නටන තෙක් උණුකර කෝපි ටික දමා මිනිත්තු කිහිපයක් වසා තබා පෙරාගන්න.(කෝපි කුඩු හොදින් පෙරෙන පෙරනයක් භාවිතා කරන්න.)
*මේ සදහා නෙස්කැෆේ වුවත් භාවිතා කරන්න පුලුවන් නෙස්කැෆේ ගන්නවා නම් වතුරෙ මික්ස් කරන්න අවශ්‍ය නෑ.

2.අයිස්ක්‍රීම්,කිරි,සහ සීනි ටික ටික යොදා බ්ලෙන්ඩ්ර් කර ලොකු භාජනයකට දාගන්න.
*බ්ලෙන්ඩ්ර් කරද්දි සීනිත් ගොඩාක් දාගන්න එපා පසුව මදි නම් එකතු කරගන්න පුලුවනි.

3.එයට ටික ටික කෝපි එකතු කර හැන්දකින් කවලම්කරගන්න.
*විශාල ප්‍රමාණයක් හදද්දි එකපාර කෝපි එකතු නොකර රස බල බලා කෝපි ටික දාලා කවලම් කරගන්න.
*ස්වාභාවික කෝපි වෙනුවට නෙස්කැෆේ දාලා හදන්න ආස නම් කිරි අයිස්ක්‍රීම් බ්ලෙන්ඩ්ර් කරද්දිම නෙස්කැෆේත් එකතුකර බ්ලෙන්ඩ්ර් කරගන්න.

4.පෙන වගේ උඩට ගොඩාක් ඇවිත් තියෙනවා නම් ඒවා ටිකක් ඉවත් කරගන්න.

5.ශීතකරණයට යට කොටසේ පැය පහක් හයක් පමණ අසුරා තබන්න.
*සාමාන්‍ය අයිස් කෝපි එකකට වඩා රස වුනාට විශාල ප්‍රමාණයක් කිරි යොදා හදන නිසා දවස් කිහිපයක් කල් තියාගන්න බෑ.
හෙට උදේට අවශ්‍ය නම් අද රෑට වගේ හදන්න.
උපරිම දවසක් වගේ තමා තියන්න හොද.

තිලිනි ගයත්‍රී මුතුනායක ගේ වෙනත් කෑම වට්ටෝරු


ගෙදරදීම සකස්කර ගත් හාල් පිටි වලින් ඉදිආප්ප
තිලිනි ගයත්‍රී මුතුනායක

පාන්
තිලිනි ගයත්‍රී මුතුනායක

ස්වීට් මිල්ක් බන්ස්
තිලිනි ගයත්‍රී මුතුනායක

අයිස් කෝපි
තිලිනි ගයත්‍රී මුතුනායක
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 1517
දියබත්
By Ishara Sajani Kavinga
Views - 554
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 903
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 1566
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 1292
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 9525
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 9524
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 9238
පැනි රොටී
By Chathurani Priyangika
Views - 6596
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 6562
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'