katatarasata.com

 

 

කෙසෙල් මුව සීනි සම්බලය

- උදේනි ලියන ආරච්චි විසිණි.



අවශ්‍ය ද්‍රව්‍ය -
සාමාන්‍ය තරමේ කෙසෙල් මුවයක් 
ලොකු බී ලුණු ගෙඩියක් 
අමුමිරිස් කරල් 2,3ක් 
කරපිංචා ටිකක් 
කුරුඳු පොත්තක් 
එනසාල් 
කරාබු නැටි 
සියඹලා බොර ටිකක් 
කෑලි මිරිස්
කහ කුඩු චුට්ටක්  
උම්බලකඩ කෑලි ටිකක්
ලුණු කුඩු 
තෙල් මේස හැන්දක් 
සීනි තේ හැඳි 2ක් 
සාදන ක්‍රමය - 
මුලින්ම කෙසෙල් මුව ටික සිහිනියට කපාගෙන කහ සහ ලුණු මිශ්‍ර ජලයට දාල තියලා හොඳට මිරිකලා ගන්න . ( එතකොට කහට ගතිය නැති වෙනවා). බී ලුණු, කරපිංචා, අමු මිරිස් සිහින්ව කපලා එයටම දමන්න . pan එකකට තෙල් දමා ලිප තියා තෙල් රත් වන කොට කෙසෙල් මුව මිශ්‍රණය දමා වරින් වර හැඳි ගාමින් මද ගින්නෙන් බැදෙන්න හරින්න. අවශ්‍ය ලුණු , කුරුඳු උම්බලකඩ, සියඹලා ,එනසල් හා කරාබු නැට්ටක්ද දමන්න . කෙස්ල්මුව බැදීගෙන එනකොට කෑලි මිරිස් ද දමා හොඳින් බැදෙන්න හරින්න. වතුර ගතිය අඩුවෙලා කෙසේල්මුව රන්වන් පාටට බැදුනම සීනි ටිකක් දාල කලවම් කරලා තවත් විනාඩියක් දෙකක් උයලම ලිපෙන් බා ගන්න. රතු සීනි දැම්මම පාට හොඳට එනවා . 
ළුණු වලින් සීනි සම්බලය හදන්නෙත් මේ විදියටමයි. කෙසේල්මුව වෙනුවට ළුණුම දානවා..

උදේනි ලියන ආරච්චි ගේ වෙනත් කෑම වට්ටෝරු


නෙළුම් අල සම්බෝලය
උදේනි ලියන ආරච්චි

කෙසෙල් මුව සීනි සම්බලය
උදේනි ලියන ආරච්චි

අර්තාපල් සලාදය
උදේනි ලියන ආරච්චි

නෙළුම් අල වෑන්ජනය
උදේනි ලියන ආරච්චි
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 2871
දියබත්
By Ishara Sajani Kavinga
Views - 1129
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 1608
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 2828
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 2209
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 12192
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 11190
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 11053
පැනි රොටී
By Chathurani Priyangika
Views - 7848
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 7704
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'