katatarasata.com

 

 

ස්ට්‍රෝබෙරි මූස්

- ඔෂාධිණි රුවන්තිකා විසිණි.



අවශ්‍ය දේ
ස්ට්‍රෝබෙරි 250ග්‍රෑම් ( කොහු නැති අබ උනත් ගන්න පුලුවන් )
විපින් ක්‍රීම් 100 ග්‍රෑම්
සීනී මේස හැදි 2
ජෙලටීන් තේ හැදි 1

ස්ට්‍රෝබෙරි හෝදලා 4ට විතර කපා ගන්න.දැලැක් භාවිතා කරලා පොඩි කරගන්න ඉස්ම ටික යට භාජනෙට එන්න.බ්ලෙන්ඩ් කරන්න එපා.මොකද මූස් එකේ යන්තන් කෑලි හැපෙනකොටයි රස.

දැන් පොඩි කරපු ස්ට්‍රෝබෙරි වහලා පැත්තකින් තියාගන්න.ඉස්ම ටික කෝප්පයකට දාගෙන ඒ හා සමාන වතුර දාලා ලිප තියලා සීනී මේස හැන්දැක් දාලා හිමින් හැදි ගාන්න පෙන එනකන්.(පාට රස වැඩිපුර ඕන නම් ජෙලි 100 පැකට් එකෙන් 1/4ක් වෙනම හදලා එකතු කරන්න.ජෙලි දානවා නම් සීනී දාන්න එපා මේ මිශ්‍රනේට.මන් නම් ජෙලි දැම්මේ නෑ.)
ලිපෙන් බාලා ජෙලටීන් දලා හොදට හැදි ගාන්න.පොඩ්ඩක් රස බලලා සීනී රස මදි නම් ඔයාලාගේ ගාණට තව සීනී ටිකක් දාගන්න.දැන් ඒ මිශ්‍රනේ ෆ්‍රිජ් එකේ උඩට දාන්න.සම්පුර්න සෙට් වෙන්න නෙමෙඉ.සාමාන්‍ය ගානට සෙට් වෙනකන්.

දැන් විපින් ක්‍රීම් එකට සීනී මේස හැන්දක් දාලා සොෆ්ට් පෆ් ගානට බීට් කරගන්න.( වැඩිපුර නම් බීට් කරගන්න එපා.සෙට් වෙන එකක් නෑ.අනිත් පැත්ත ගැහුවම වැටෙන්නෙ නැති ගානට ආපු ගමන් බීට් කිරීම නවත්තන්න.

දැන් විපින් ක්‍රීම් එකට පොඩි කරගත්ත ස්ට්‍රෝබෙරි හා ෆ්‍රිජ් එකේ දාලා යන්තන් සෙට් උන මිශ්‍රණෙයි මාරුවෙන් මාරුවට ෆෝල්ඩ් අකාරයට හැන්දකින් මිශ්‍ර කරගන්න.

දැන් කප් වලට වෙනම දාලා ෆ්‍රිජ් එකේ ටියන්න.මේ කප් 4ක මෙනු එක.පැය 3,4ක් යද්දි අනිත් පැත්ත වැටෙන්නේ නැති ගානට ආවාම කැමති විදියකට ඩෙකරේට් කරලා ගන්න.මන් නම් ඉතුරු ස්ට්‍රෝබෙරි දෙකට පලලා ගත්තා ඩෙකරේට් කරන්න.

ඔෂාධිණි රුවන්තිකා ගේ වෙනත් කෑම වට්ටෝරු


කොස් ඩෙවල්
ඔෂාධිණි රුවන්තිකා

නර්සරි ඩිසයින් කප් කේක්
ඔෂාධිණි රුවන්තිකා

ගෝබි මසාලා
ඔෂාධිණි රුවන්තිකා

චෙස් බෝර්ඩ් කුකීස්/වොටර් මෙලන් කුකීස්
ඔෂාධිණි රුවන්තිකා
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 615
සුදු ළූණු කළු කරිය
By Wishmi
Views - 507
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 526
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 304
චිකන් බිරියානී,
By Shashiya Shashi
Views - 910
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 7571
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 6938
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 6098
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 5113
පැනි රොටී
By Chathurani Priyangika
Views - 5091
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'