katatarasata.com

 

 

පරිප්පු මැල්ලුම්

- නෙරන්ජලා ප්‍ර‍නාන්දු විසිණි.



පරිප්පු මැල්ලුම් 

අවශ්‍ය ද්‍රව්‍ය -

අවශ්‍ය පමණ පරිප්පු 
සූට්ටන් ගොරකා කෑල්ලක් 

* පොල් මැල්ලුම සදහා , ( පරිප්පු වල ප්‍රමාණයට ගන්න )
පොල්
රතු ළූනු 
සුදුළූණු 
කරපිංචා කොළ 
අමුමිරිස් 
කුරුදු කෑල්ලක් 
ගම්මිරිස් කුඩු රස අනුව 
කහ කුඩු ටිකක් 
අමු තුනපහ ටිකක් 
ලුණු රස අනුව 

* තෙම්පරාදු කිරීමට,
තෙල් ටිකක් 
අබ ඇට ස්වල්පයක් 
කරපිංචා ටිකක් 
කෑලි මිරිස් ටිකක් හෝ වියළි මිරිස් කරල් කිහිපයක් කඩා

සාදන ක්‍රමය -

1. මුලින්ම පරිප්පු වලට වතුර ස්වල්පයක් ( බෙරි නොවී තැම්බෙන ගානට පමණක් ) දමා ටිකක් ඇඹුල් ගතියක් එන්නට ගොරකා ඉතා පොඩි කෑල්ලක් එක්කර තම්බා ගන්න.
2. දැන් පරිප්පු තැම්බෙන තුරු පොල් මිශ්‍රණය සකසා ගන්න. මුලින්ම සියලුම ද්‍රව්‍ය හොදින් අඹරා එයට පොල් එක්කර අඹරා ගන්න. 
3. පරිප්පු ටික තැම්බී වතුර සිදීගිය විට එයට පොල් මිශ්‍රණය එක්කර හොදින් මිශ්‍රකර ටික වේලාවක් පොල් මිශ්‍රණය පිසෙන තුරු පිසගන්න. 
මේ අතර ලුණු බලාගන්න.
4. පසුව තෙල් ටිකක් ලිපතබා රත් වූ විට අබ දමා පුපුරන විට එයට කෑලි මිරිස් හෝ වියලි මිරිස් කරල්, කරපිංචා දමා බැද එය පරිප්පු හා මිශ්‍රකර ස්වල්ප වේලාවක් පිසගන්න.

මෙය පිසෙන විට සුවද හොදින් පැතිරෙනවා..

නෙරන්ජලා ප්‍ර‍නාන්දු ගේ වෙනත් කෑම වට්ටෝරු


චිකන් ස්පයිසි බිරියානි
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

අඹ ස්මූති
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

අඹ මිල්ක්ශේක්
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

රෙන්ච් බ්‍රෙඩ් ( ප්‍රංශ පාන් )
නෙරන්ජලා ප්‍ර‍නාන්දු
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 2692
දියබත්
By Ishara Sajani Kavinga
Views - 1055
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 1523
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 2638
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 2077
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 11830
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 10941
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 10878
පැනි රොටී
By Chathurani Priyangika
Views - 7683
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 7573
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'