චිකන්,සොසේජ්, චීස් පීසා
- උදේශිකා වනිගසුරිය විසිණි.
පිටි 3 cup
ලුනු 1tsp
ඔලිව් ඔයිල් 5 tbsp
උණු වතුර 1 1/2 cup
යීස්ට් 2 tbsp
*පිටි වලට යීස්ට්, ඔලිව් ඔයිල් 3tbsp පමණක් දමා මිශ්‍ර කරගන්න.
දැන් පිටි වලට ලුනු ටිකත් එකතු කර මද රස්නේ උණු වතුර ටික ටික දමමින් සිනිදු පිටි මෝලියක් සාදා ගන්න.
කොටස් 2කට වෙන් කර (මම ලොකු පීසා 2යි හැදුවේ) බෝල සාදා ඉටි කවරයකින් වසා පැය බාගයක් පමණ තබන්න.
*සෝස් එක සදහා
තක්කාලි 3
ඔලිව් ඔයිල් 1 tbsp
ලුනු
ගම්මිරිස්
මිරිස් කුඩු
සීනි
තක්කාලි ගෙඩි 3ක් තම්බා පොඩි කර ගන්න.
සුදු ළූණු ගෙඩි 2ක චූටිවට කොටු කපාගෙන ඔලිව් ඔයිල් 1 tbsp දමා බැද ගන්න.
එයටම කරපින්චා හා පොඩි කර ගත් තක්කාලි ටික දමා හොදින් උණු කරගන්න,දැන් සීනි මේස හැන්දක් එකතු කර සෝස් එක සාදා ගන්න.
*ඉන්පසු තැටියට ෆොයිල් එකක් තියගෙන ඉතිරි ඔලිව් ඔයිල් ටික බ්‍රශ් එකකින් හොදින් තවර ගන්න.
දැන් පිටි බෝලයක් ගෙන රූපයේ පෙනෙන පරිදි තුනී කරගන්න.
ඒ මත තක්කාලි සෝස් ටිකක් තවරා ගෙන ඊට උඩින් ඔයලා කැමති මිශ්‍රණයක් එකතු කරගන්න.
අවන් එක 200 c විනාඩි 10ක් රත් වෙන්න තියන්න.
ඉන්පසු අවසානෙට මොසරැල්ලා චීස් ග්‍රේටරයකින් ගා ගෙන චීස් එක උඩට දමා ගන්න.
දැන් අවන් එකට දමා 200 c විනාඩි 20 ක් බේක් කර ගන්න.
![]() By Kanchana Jayasekara Views - 615 |
![]() By Wishmi Views - 507 |
![]() By Kanchana Jayasekara Views - 526 |
![]() By Kanchana Jayasekara Views - 304 |
![]() By Shashiya Shashi Views - 910 |
![]() By Indunee Welivita Views - 7570 |
![]() By Shiki Ranasinghe Views - 6937 |
![]() By Ruwanthika Madushani Views - 6097 |
![]() By Dilini Madushika Views - 5113 |
![]() By Chathurani Priyangika Views - 5091 |