katatarasata.com

 

 

ගනේෂ් චතුර්ති පූජාව (මෝදක)

- ඉන්දු කුමාරි ජයසේකර විසිණි.



ඉන්දියාවේ නම් නිවසක මෝදක හදන්නේ ගණදෙවියන් වෙනුවෙන් විතරමයි.. අපි එහෙමනම් පියවරෙන් පිය්වර මෝදක හදන හැටි බලමු..

පළමු පියවර

අපි මුලින්ම පිරවුම සකසා ගනිමු.

පිරවුම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය;
- සිහින්ව ගාගත් පොල් කෝප්ප 02
- සූරාගත් හකුරු කෝප්ප 01
- එනසාල් කුඩු තේ හැඳි 01
- ගිතෙල් තේ හැඳි 02ක් පමණ
- කුඩු කරගත් කජුමද අවශ්‍ය පමණ 
- ලුණු තේ හැඳි බාගයක් පමණ

දැන් අපි පිරවුම හදමු..

01) පළමුව බඳුනක් ලිප තබා මඳ රස්නය සහිතව රත් වීමට හරින්න..

02) ඉන්පසු එයට ගිතෙල් තේ හැඳි 02ක් පමණ එකතු කරන්න..

03) රත් වූ ගිතෙල් වලට කජු මද එක්කර බැදෙන්නට හරින්න.. 

04) එය රන් පැහැ වන විට එයට හකුරු එකතු කරන්න.. හකුරු එකතු කළ පසු හොඳින් හැඳි ගාන්න.. එවිට හකුරු දියවෙන්නට පටන්ගන්නවා.. 

05) හකුරු දියවෙන්නට හැර විනාඩි කිහිපයකින් ගාගත් පොල් එකතු කර හොඳින් කලවම් කරන්න.. 

06) ඒ සමඟම මිශ්‍රණයට එනසාල් කුඩු සහ ලුණු ස්වල්පයක් එකතු කරන්න..

07) දැන් මෙම මිශ්‍රණය තවත් විනාඩි 03ක් පමණ හැඳි ගාමින් එය මන්ද්ක් තෙත සහිතවම ලිපෙන් බාගෙන නිවෙන්නට තබන්න..

දැන් අපි පිරවුම සකසාගෙන අවසන්.. ඊලඟට අපි පිටි මිශ්‍රණය සාදමු..

දෙවන පියවර

පිටි මිශ්‍රනය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය
- සුදු කැකුළු හාල් පිටි කෝප්ප 01
- වතුර කෝප්ප 01
- ගිතෙල් තේ හැඳි 01
- ලුණු ස්වල්පයක්

මිශ්‍රණය හදන්නේ මෙහෙමයි..

01) බඳුනක් ලිප තබා එයට වතුර කෝප්ප 01ක්, ගිතෙල් තේ හැඳි 01ක් සහ ලුණු ස්වල්පයක් එකතු කර රත් වෙන්නට තබන්න..

02) වතුර හොඳින් නටන විට ලිපේ රස්නය අඩු කර එයට හාල් පිටි ටික එකතු කරන්න.. මෙම පියවරේදී ඉතාමත් කල්පනාකාරී විය යුතුයි.. හාල් පිටි ටික එකතු කරපු ගමන් හොඳින් මිශ්‍ර කරන්න.. කැටි ගහෙන්න දෙන්න එපා.. විනාඩියකට පමණ පසු ලිප නිවා මෙම බඳුන ලිපෙන් ඉවත් කර ඩිගටම හොඳින් මිශ්‍ර කරන්න.. අතේ නොඇලෙන පරිදි මෙම මිශ්‍රණය තිබිය යුතුයි..

03) හොඳින් මිශ්‍ර වූවාට පසුව විනාඩි 10ක් පමණ තබන්න.. 

04) විනාඩි 10කට පමණ පසු මදක් උණුසුම්ව තිබියදීම මෙම පිටි මිශ්‍රණය ගිතෙල් ස්වල්පයක් තවරපු පිරිසිදු ලෑල්ලක් මතට දමා අතින් හොඳින් මිශ්‍ර කරන්න..

05) දැන් එම මිශ්‍රණයෙන් ටික ටික අරගෙන කුඩා බෝල සාදාගන්න.. (හරියට අපි පොල් රොටී හදනවා වගේ.) මම කියපු රෙසපි එකට කුඩා බෝල 10 - 11ක් පමණ හදන්න පුලුවන්..

06) දැන් එම බෝල එකින් එක ගෙන අතේ තබා රවුම් ආකාරයට අත්ල මත වඩවගන්න.. 

07) සකසාගත් එම පිටි රවුම මැදින් පිරවුමෙන් ටිකක් තබා මල්ලක් ආකාරයට එකතු වන පරිදි ඇඟිලි තුඩු වලින් සකස් කරගන්න.. 

08)මෙලෙස සියලුම බෝල වලට පිරවුම එකතු කරමින් මෝදක හැඩය හදාගන්න..

09) සියළුම මෝදක සාදා අවසන් වූ පසු ස්ටීමරය භාවිතයෙන් මෙම මෝදක විනාඩි 10ක් පමණ ස්ටේම් කරන්න..

ඔන්න අපි මෝදක හදලා ඉවරයි.. 
මෝදක හදන්න අමාරු නෑ.. හරිම පහසුයි.. ඔයාලත් අනිවාර්යෙන්ම චතුර්ති පූජාවට මෝදක හදල ගණදෙවියන්ට පූජා කරන්න.. ගණ දෙවියන් පුදුම විදියට සතුටු වේවී..
මතක තියාගන්න ඔයා කලින් මෝදක හදලා නැත්නම් පූජාවට කලින් දවසක හදලා බලන්න.. එතකොට පූජාව දවසට ඔයාට රසම රස මෝදක හදලා ගණදෙවියන්ට පූජා කරන්න පුළුවන්.. ඔබ සැමට ගණදෙවි පිහිටයි..!!

ඉන්දු කුමාරි ජයසේකර ගේ වෙනත් කෑම වට්ටෝරු


මෑ කරල් සුදුලූණු බැදුම
ඉන්දු කුමාරි ජයසේකර

ඌරු මස් කරි
ඉන්දු කුමාරි ජයසේකර

ගොරකා අච්චාරු
ඉන්දු කුමාරි ජයසේකර

කෙසෙල් මුව මැල්ලුම
ඉන්දු කුමාරි ජයසේකර
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 2871
දියබත්
By Ishara Sajani Kavinga
Views - 1129
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 1609
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 2828
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 2209
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 12192
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 11190
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 11053
පැනි රොටී
By Chathurani Priyangika
Views - 7848
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 7705
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'