katatarasata.com

 

 

ග්‍රිල්ඩ් එග්ෆ්ලාන්ට් චෝකා

- ගයාන් එරන්දක විසිණි.



අවශ්‍ය ද්‍රව්‍ය
බටු ගෙඩි 3ක්
ළූනු ගෙඩි බාගයක්
තක්කාලි ගෙඩියක්
සුදුළූනු බිකි 4ක්
නයි මිරිස් කරලක්
ඔලිව් තෙල් මේස හැදි 3
ලුනු රස පදමට
සාදාගන්නා ආකාර
මුලින්ම බටු ටික පුලුස්සා ගත යුතුයි.. මෙය තමන්ට ලේසි ක්‍රමයකට කර ගත හැක.. එක ක්‍රමයක් බටු ගෙඩිය මත තෙල් ටිකක් තවරා ලිප මත තබා පුලුස්සා ගැනීම.. බටු ගෙඩිය පිටින් හෝ දෙකට කපා ගෑස් කුකරයේ මැද ඇති කුටීරයේ පුලුස්සා ගැනීම.. මේ ආකරයෙන් තක්කාලි ගෙඩියද මිරිස් කරලද සුදු ලූනු බිකි ටික පුලුස්සා ගන්න..


දැන් සුදුළූනු ටික සහ නයි මිරිස් කරල වංගෙඩියක දමා කොටා ගන්න එයට තක්කාලි ගෙඩියේ පොත්ත ඉවත් කර මදය එකතු කර කොටා ගන්න.. මෙයට ලුනු ස්වල්පයකුත් එකතු කර ගන්න.. හොඳින් පිලිස්සුනු බටු ගෙඩියේ මදය හැන්දකින් සූරාගෙන එය කුඩා කැබිලි වෙන තෙක් පිහියකින් කෆා ගෙන එයද වංගෙඩියට දමා සෙමින් කොටමින කලවම් කර ගන්න.. ඉන්පසු මිෂ්‍රනය වෙනම බාජනයකට දමා ගන්න..
ලූනු කුඩා කැබිලිවලට කපා ගෙන බටු මිෂ්‍රනය උඩින් දමා ගන්න.. බාජනයක් ගෙන තෙල් ටික දමා තෙල් ටික රත් වී ගෙන එනවිට බටු සහ ලූනු ටිකට උඩින් වක්කරගෙන හොදින් කවලම් කර ආහාරයට ගන්න..
හදා ගන්න හරිම ලේසි,, රොටි,නාන් බතක් සමග ආහාරයට ගත හැක

ගයාන් එරන්දක ගේ වෙනත් කෑම වට්ටෝරු


කොත්තමල්ලි කොළ බත්
ගයාන් එරන්දක

චොප්සි රයිස්
ගයාන් එරන්දක

පඩ් ගපාඕ - තායි බැසිල් චිකන්
ගයාන් එරන්දක

ග්‍රිල්ඩ් එග්ෆ්ලාන්ට් චෝකා
ගයාන් එරන්දක
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
කොත්තමල්ලි කොළ බත්
By Gayan Erandaka
Views - 153
අඹ ස්මූති
By Niranjala Fernando
Views - 284
අඹ මිල්ක්ශේක්
By Niranjala Fernando
Views - 251
ස්ව්ට් මෙලන් බීම
By Nisha Navarathna
Views - 183
අප්‍රිකොට් බීම
By Arjunee Upekkha Ranatunga
Views - 151
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 6431
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 5990
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 4413
පැනි රොටී
By Chathurani Priyangika
Views - 4366
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 4346
Copyright © 2017 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'