katatarasata.com

 

 

ස්පයිසි ඇන්ඩ් චීස් සුරිනාම් රොටී

- ආත්මා ඇන්තනී විසිණි.



අවශ්‍ය දේවල්
පිටි 500g
ලුනු 
වතුර 250 ml
තම්බා පොඩි කරගත් අල 1 kg හෝ
තම්බා පොඩි කරගත් පරිප්පු අවශ්‍ය පමණ 
(මම පාවිච්චි කලේ අල)
සූදුරැ කුඩු 2-3 tbs
කහ කුඩු 1 tsp
තලාගත් සුදුලූණු බික් 2-3
තලාගත් මිරිස් කරල් 1-2
මිරිස් කැලිකුඩු අවශ්‍ය පමණ 
ගම්මිරිස් කුඩු
තෙල් අවශ්‍ය පමණ 
Grated cheese කැමති තරම් 

සාදන අයුරු 
මුලින්ම පිටි වලට ලුනු එකතු කර අතේ නොඇලෙන මෝලියක් අනා, විනාඩි 30 පමණ පිපෙන්න තියන්න. 
තම්බා පොඩි කරගත් අලවලට, සූදුරැ, ලුනු, කහ, තලාගත් සුදුලූණු ,මිරිස් කරල්, ගම්මිරිස්, සැරට කැමතිනම් මිරිස් කෑලිත් එකතු කර හොදින්ම පොඩි කරගන්න.අල කෑලි නොහිටින්න.
දැන් පිපෙන්න තැබූ පිටි මොලිය කොටස් 8-9 වෙන් කර බෝල සාදාගන්න. එය සුලන් නොවදින සේ වසා ගන්න. ( පියන සහිත භාජනයක හෝ foil එකකින් වසා )
දැන් කොටස් කරගත් පිටි මෝලි, එකින් එක අල මිශ්‍රණය මැදට තබා නැවත බෝල කර ගන්න. එම බෝලද සුලන් නොවදින ලෙස එකට එක නොගෑවෙන ලෙස වසා විනාඩි 20-30 තබන්න.
දැන් පැතලි භාජනයක් (රොටි හදන්න පුළුවන්) ලිප තබා තෙල් ටිකක් ගා රත්කරගෙන, අල පුරවාගත් මෝලිය පිටි ඉසගත් ලෑල්ලක තුනීකර තැටියට දමන්න. මෙය අමු පිටිගතිය නැති වීගන එනකොට තෙල් ස්වල්පයක් රොටිය උඩින් හොදින් ගාගන්න.මම ඒ සදහා හැන්දක් භාවිතා කරනවා. පසුව එය අනිත් පැත්ත හරවාද හොදින් පුලුස්සා ගන්න. රන්වන් පාටට හරී ඇත්නම් හරි පදම වගේම පපඩමක් වගේ පිපෙනවානම් රොටිය හරි. හැබැයි කඩ තොලු තිබුනොත්නම් පපඩමක් වගේ පිපෙන්නෙ නැහැ. දැන් ලිපේ තිබියදීම රොටිය මතට චීස් ඉහගන්න. පසුව රොටිය 2 හෝ 4 නවාගන්න. ඔන්න ඉතින් ඔය විදියට රොටි ටික පුච්චා ගන්න. උණු උණුවෙම රසට කන්න

ආත්මා ඇන්තනී ගේ වෙනත් කෑම වට්ටෝරු


විශේෂ මස් බතක්
ආත්මා ඇන්තනී

බර්ෆි (ඉන්දියන් රසකැවිලි වර්ගයක්)
ආත්මා ඇන්තනී

වට්ටක්කා සුප්
ආත්මා ඇන්තනී

ස්පයිසි ඇන්ඩ් චීස් සුරිනාම් රොටී
ආත්මා ඇන්තනී
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 2871
දියබත්
By Ishara Sajani Kavinga
Views - 1129
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 1608
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 2828
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 2209
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 12192
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 11190
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 11053
පැනි රොටී
By Chathurani Priyangika
Views - 7848
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 7704
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'