katatarasata.com

 

 

පාල් කොලුකට්ට (ඉන්දීයාවේ ගණදෙවියන්ගේ පූජාවට සාදන කෑම ජාතියක් !)

- නස්රිනා හුසේන් විසිණි.



පිටි මිශ්‍රණය සාදාගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය ;

හාල්පිටි තේ කෝප්ප 2 ක් ( මම ගත්තේ M.D.K. ඉදිආප්ප පිටි )
දියකිරි තේ කොප්ප 1 1/2 ක් 
ලුණු තේ හැඳි 1/4 ක්
එළගී තේල් තේහැදි 4ක් 

සාදන ක්‍රමය ;

අඩිය ඝන සාස්පානක් ගෙන එයට දියකිරි ,ලුණු ,දමා අඩු ගින්දරින් රත්වන විට එයට හාල්පිටි දමා කලවම් කරන්න එයටම එළගී තෙල් තේහැදි 2ක්,එකතු කර කැටි නොගැසෙන අකාරයට කලම්කර ගන්න .( මිශ්‍රණය හරියට ඉදිආප්ප තැම්බීමට පිටි අනාගන්නා අකාරයට තිබිය යුතුයි )

ඉන්පසු එම මිශ්‍රණය වෙනම බදුනකට දමා ඉතුරු එළගී තෙල් දමා කලවම් කර චුටී චූටි බෝල සාදා ගන්න . (එළගී තෙල් දමා කලවම් කර චුටී බෝල සාදා ගන්නේ අතෙ පිටි මිශ්‍රණය ඇලීම වලකාලීමටයි ) එය දැන් එය පසෙකින් තබන්න .

කිරි මිශ්‍රණය සාදා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය ;

උකු පොල්කිරි තේ කෝප්ප 1 1/2 ක්
සීනි ග්‍රැම් 200 ක් 
එනසාල් කුඩු තේහැදි 1/2
අවශ්‍ය නම් කහපාට කලරිං බිංදු 2ක් 3ක්

සාදන ක්‍රමය ;

සාස්පානක් ලිප තබා පොල්කිරි ,සීනි ,එනසාල්,කලරිං කලවම් කර උතුරන්න තබන්න උතුරන විට සාදා ගත් පිටි බෝල දමා අඩු ගින්දරින් කිරි හිදෙනකම් උයා ගන්න . නිවුනු පසු ආහාරයට ගන්න .

නස්රිනා හුසේන් ගේ වෙනත් කෑම වට්ටෝරු


ස්වීට් කුලිපනියාරම්
නස්රිනා හුසේන්

පාල් කොලුකට්ට (ඉන්දීයාවේ ගණදෙවියන්ගේ පූජාවට සාදන කෑම ජාතියක් !)
නස්රිනා හුසේන්

ස්ටීම් ඔලිව් ඔයිල් කේක්
නස්රිනා හුසේන්
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 515
දියබත්
By Ishara Sajani Kavinga
Views - 200

By Ishara Sajani Kavinga
Views - 83
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 387
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 686
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 8317
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 7808
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 7428
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 5759
පැනි රොටී
By Chathurani Priyangika
Views - 5677
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'