katatarasata.com

 

 

කේල් ,තිබ්බටු මැල්ලුම .

- කල්හාරි පෙරේරා විසිණි.



කේල් ,තිබ්බටු මැල්ලුම ..

කේල් කියන්නෙ මොනවද කියලා පිටරටවල ඉන්න අය නම් දන්නවා ඇති. Tuscan Kale,curly Kale,Red Kale කියලා වර්ග කීපයක් ම තියෙනවා. ගොඩක් ගුණ කොළ වර්ගයක්,එළවළු වර්ගයක් තම යි කේල්. ඒත් නිතර,යහමින් ආහාරයට ගන්න සුදුසු නැති බව ත් අහලා තියෙනවා. විශේෂයෙන් තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටළු තියෙන අයට වගේ ම pregnant අයට ත්. සාමාන්‍යයෙන් තයිරොයිඩ් ග්‍රන්ථියේ අසාමාන්‍යයතා ඇති අයට ගෝවා,රාබු,නෝකෝල් වගේ එළවලු නිතර ආහාරයට නුසුදුසු යි.වැළකිලා ම ඉන්න තරමට හොඳ යි කියලා තම යි මතය. ඉතින් කේල් කියන්නෙ ත් මම හිතන විදියට ගෝවා කුළයේ පැළෑටියක් වෙන්න ඕන . මොකද ලංකාවෙ මේ කේල් නමින් ම ගන්න නැති වුණ ට්, අතු ගෝවා මීට ගොඩක් ම සමාන එළවළුවක් වෙනවා.රස වගේ ම කොළයේ හැඩයෙනුත්. ඉතින් හරි ම ලේසි යි මේ මැල්ලුම හදාගන්න.මම සාමාන්‍යයෙන් මැල්ලුම් හදන විදියට වඩා වෙනස් විදියට යි මේ කේල් තිබ්බටු මැල්ලුම හැදුවෙ.මම මඤ්ඤොක්කා කොළ මැල්ලුම කන්න හරි ම ආස යි. ඒත් අපිට මඤ්ඤොක්කා කොළ නෑ තාම හොයාගන්න .තිබ්බටු කළවම් කේල් මැල්ලුමට අදහසක් ගත්තෙ එහෙ ම යි.
කේල් නොදන්න අයට දැනගන්නට් එක්ක යි පොඩි ඉත්තක් එකතු කළේ photo එකට..

හදන විදිය එහෙනම් මෙන්න මෙහෙ ම යි.

සිහින්ව ලියාගත් කේල් අවශ්‍යය තරම්
තිබ්බටු මිටක් හෝ දෙකක්
ලියාගත් රතුළූණු 
සිහින්ව ලියාගත් අමුමිරිස් කරලක්
ලියාගත් කරපිංචා කොළ ටිකක්
ගාගත් පොල් (මං ගන්නෙ desiccated coconut )
කහ ස්වල්පයක් 
කැබලි කඩාගත් වියළි මිරිස්
අබ ඇට ටිකක්
රස අනුව ලුණු
පොල්තෙල්

මුලින් ම ළූණු,අමුමිරිස්,කරපිංචා,ලුණු ටිකක් එක්ක පොල්වලට කළවම් කරගෙන පොඩිකරලා අනාගන්න. තෙල් ටිකක් ලිපේ තියලා කෑලි කඩාගත් වියළි මිරිස් එකතු කරන්න.ඒ ටික බැදීගෙන එද්දි අබ ඇට ටික දාන්න.මිරිස් ,අබ බැදීගෙන එනකොට කහ ටිකක් එක්ක කොටාගත්ත තිබ්බටු ටිකත් පොල් මිශ්‍රණයට දාලා අබ ,මිරිස් මිශ්‍රණයට එකතුකරගන්න. හොඳින් සුවඳ දිදී මැළවෙනකොට කේල් ටික එකතුකරලා ගින්දර වැඩි කරන්න.වැඩිවෙලා ගින්දරේ නොතියා කොළපාට වෙනස් වෙන්න කලින් ලිපෙන් අයින් කරන්න. කැමති නම් නිවුණා ට පසුව දෙහි ඇඹුල් ටිකක් එකතුකරන්න

කල්හාරි පෙරේරා ගේ වෙනත් කෑම වට්ටෝරු


කේල් ,තිබ්බටු මැල්ලුම .
කල්හාරි පෙරේරා
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 304
සුදු ළූණු කළු කරිය
By Wishmi
Views - 254
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 289
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 159
චිකන් බිරියානී,
By Shashiya Shashi
Views - 489
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 7138
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 6589
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 5470
පැනි රොටී
By Chathurani Priyangika
Views - 4797
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 4756
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'