katatarasata.com

 

 

ආටා පීසා

- මලී දාබරේ විසිණි.



Healthy Atta Pizza ( ආටා පීසා)

ආටා පිටි 500 g
යීස්ට් මේස හැඳි 1
සීනි තේ හැඳි 2
ඔලිව් තෙල් මේස හැඳි 4
ලුණු තේ හැඳි 2
මද උණුසුම් වතුර කෝප්ප 1 පමණ 

# යීස්ට් සහ සීනි මද උණුසුම් වතුර ටිකක දිය කර විනාඩි 10 පමණ පිපෙන්න තියන්න. 
# පිටි, ලුණු හා තෙල් හොඳින් මිශ්‍ර කරන්න. එයට යීස්ට් මිශ්‍රණයත් එකතු කර වතුර ටික ටික දමමින් මෘදු පිටි මෝලියක් අනා ගන්න. 
# තෙල් ගා ගත් බාජනයක මෙම පිටි මෝලිය තබා තෙත රෙදි කඩකින් වසා පැය 1 1/2ක් පිපෙන්න තියන්න. ( පාන්පිටි තරමට මෙය පිපෙන්නෙ නෑ)

# දැන් topping එක සුදානම් කර ගන්න. 
(මම නම් ටුනා, තක්කාලි, ලුනු , කෑලී මිරිස් එකතු කරලා තෙල් දැම්මා)
බෙල් පෙපර් කුඩාවට කැපුවා. ඔලිව් සහ මොසරෙල්ලා චීස් ගත්තා

# පැය 11/2 ට පසු පිටි මෝලිය තෙල් ගා ගත් පීසා තැටියක තුනී කර ගෙන පීසා සෝස් ගා ගන්න. 
# ඉන්පසු චීස් ටිකක් අතුරන්න. සාදාගත් ටුනා මිශ්‍රණය, බෙල් පෙපර් හා ඔලිව් පිලිවෙලට අතුරන්න. අවසානයේ ඔලිව් තෙල් ටිකක් උඩින් ඉස, 175 C රත් කරන ලද අවන් එකක විනාඩි 20ක් පමණ බේක් කර ඉවතට ගෙන නැවතත් උඩින් චීස් ටිකක් අතුරා තවත් විනාඩි 10ක් පමණ බේක් කර ගන්න.

මලී දාබරේ ගේ වෙනත් කෑම වට්ටෝරු


ආටා පීසා
මලී දාබරේ
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 171
සුදු ළූණු කළු කරිය
By Wishmi
Views - 141
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 155
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 88
චිකන් බිරියානී,
By Shashiya Shashi
Views - 307
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 6892
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 6348
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 5081
පැනි රොටී
By Chathurani Priyangika
Views - 4634
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 4616
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'