katatarasata.com

 

 

ස්වීට් මිල්ක් බන්ස්

- තිලිනි ගයත්‍රී මුතුනායක විසිණි.



අවශ්‍ය ද්‍රවය 
--------------
*පාන් පිටි 500g
*සීනි මේස හැන්දි 5
*එලකිරි හෝ පිටිකිරි(වතුරේ දියකර) කෝප්ප එකහමාරක් පමණ
*යීස්ට් 7g
*බටර් මේස හැදි 3
*බිත්තයක්
*ලුනු ස්වල්පයක් 

සාදන ක්‍රමය
----------------
1.පාන්පිටි සීනි, ඊස්ට්, බිත්තරය,සහ කිරි ස්වල්පය බැගින් දමමින් හොදින් කවලම්කරගන්න.
*කිරි සියල්ල එකවර දාගන්න ඒපා හැන්දකින් ටික ටික යොදා අනාගන්න.

2.එලෙස මදක් වෙලා පිටි ටික අනා එයට ලුනු සහ බටර්ද එකතු කර අවශ්‍ය නම් තවත් කිරි එකතුකරමින් හොදින් පිටි මෝලිය අනාගන්න.
*කිරි සියල්ල යෙදීමට අවශ්‍ය නෑ යීස්ට් හොදින් දිය වී පිටි මෝලිය අතින් දෙපැත්තට ඇද්දම කැඩෙන්නෙ නැතිව හොදට ඇදිලා එනව නම් ඒ තමා පදම.

3.ඊට පස්සෙ පිටි මෝලිය තෙත රෙදි කෑල්ලකින් වහලා පැය භාගයක් පමණ තබන්න.

4.ඊළගට බලනකොට පිටි මෝලිය දෙගුණයක් වෙලා පිපිලා තියෙනවා ඒක අතින් තද කරලා වාතය ඉවත් කරගන්න.

5.60g හෝ 65 g ලෙස සමාන කොටස් වලට බෙදාගෙන පස්වන (5) ජායාරූපයේ ආකාරයට රෝස මල් සකසා ගන්න.


*පස්වන ජායාරූපය බලන්න.

6.දැන් ඒම රෝසමල් බේකින් තැටිය මත පිපීමට ඉඩ තබා ඈතින් ඇතින් තබා ගෙන නැවත තෙත රෙදි කෑල්ලකින් වසා පැයක් පමණ තබන්න.
* බේකින් තැටිය මතට තෙල් කඩදාසියක් යොදන්න අමතක කරන්න එපා.

7.සියලුම රෝසමල් උඩින් කිරි ආලේප කර අවන් එකට දාලා 180c ta ප්‍රී හීට් කරගත්ත අවන් එකක විනාඩි විස්සක් වගේ බේක් කරගන්න.
*විනාඩි පහලවක් වගෙ යද්දි ට්‍රේ එක එලියට ගෙන රෝස මල් උඩට සීනි ඉහගෙන ඉතිරි විනාඩි පහත් නැවත බේක්කරගන්න.
*බේක් කරලා එලියට ගත්ත ගමන් තෙත රෙදි කෑල්ලකින් වහන්න නැත්නම් උඩ ඉරිතැලිලා වගේ වෙලා වෙලෙන්න බලනවා.

තිලිනි ගයත්‍රී මුතුනායක ගේ වෙනත් කෑම වට්ටෝරු


ගෙදරදීම සකස්කර ගත් හාල් පිටි වලින් ඉදිආප්ප
තිලිනි ගයත්‍රී මුතුනායක

පාන්
තිලිනි ගයත්‍රී මුතුනායක

ස්වීට් මිල්ක් බන්ස්
තිලිනි ගයත්‍රී මුතුනායක

අයිස් කෝපි
තිලිනි ගයත්‍රී මුතුනායක
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 2871
දියබත්
By Ishara Sajani Kavinga
Views - 1129
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 1609
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 2828
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 2209
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 12192
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 11190
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 11053
පැනි රොටී
By Chathurani Priyangika
Views - 7848
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 7705
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'