katatarasata.com

 

 

ඉන්දියන් දාබා ක්‍රමේට ස්පයිසි චිකන් කරිය

- ධනාෂා තරනි විසිණි.



ඉන්දියන් දාබා ක්‍රමේට ස්පයිසි චිකන් කරිය...

අවශ්‍ය ද්‍රවය:
සෝදා සාමාන්‍ය ප්‍රමාණයට කපාගත් කුකුල්මස් (නිර්මාංෂී අයෙක් නම් මස් වෙනුවට පනීර් යොදා ගත හැක.)
පොඩියට කපා ගත් ළූනු
පොත්ත ඉවත් කර පොඩියට කපා හෝ පොඩි කරගත් තක්කාලි
මිරිස් කුඩු, කහ කුඩු, සූදුරැ කුඩු, ගරම් මසාලා කුඩු, ලුනු
බේලීව්, කරදමුංගු, කරාබු නැටි, කුරැදු, අබ, වියලි මිරිස්
ගී හෝ තෙල්
දෙහි යුෂ ස්වල්පයක්
යෝගට් හෝ මී කිරි ස්වල්පයක්
ඉගුරැ සුදු ළූනු පේස්ට් ස්වල්පයක්

මුලින්ම මස් වලට දෙහි යුෂ, ලුනු ස්වල්පයක්, මිරිස් කුඩු සහ කහ කුඩු ස්වල්පයක් දමා හොදින් කලවම් කර පසකින් තබන්න. (හැකි නම් ශීතකරනයේ පැයක් පමණ තබන්න)
බාජනයක් රත්වන්නට තබා එයට අබ, බේලීව්, කුරැදු, එනසාල්, කරාබු නැටි, වියලි මිරිස් දමා බැදෙන්න දෙන්න
අබ පුපුරා මිරිස් ආදිය බැදෙන සුවද එන විට එයට ගී හෝ තෙල් එක් කරන්න
ඒ සියල්ල තෙලේ බැදෙන විට එයට කපාගත් ළූනු, ඉගුරැ සුදු ළූනු පේස්ට් එක් කරන්න
එයටම ලුනු, මිරිස්, කහ, සුදුරැ කුඩු එක් කරන්න
සියල්ල හොදින් මිශ්‍රකර ළූනු තෙම්පරාදු වෙන්නට දෙන්න
ළූනු තුනපහ හොදින් තෙම්පරාදු වූ විට එයට යෝගට් හෝ මී කිරි එක් කර හොදින් කලවම් කරන්න
මද ගින්නේ තෙල් මතුවන තුරැ පිසගන්න
ඉන්පසු එයට පොඩිකරගත් තක්කාලි එක් කර මද ගින්නේ මද වේලාවක් උයාගන්න
එයට ගරම් මසාලා එක් කරන්න. 
පියනකින් වසා මද ගින්නේ තෙල් වෙන්වනතුරැ පිසගන්න
එයට පදම් කරගත් මස් එක් කරන්න
හොදින් කලවම් කර පියනකින් වසා මද ගින්නේ මස් මොලොක් වනතුරැ උයා ගන්න
හොදි ගතියට අවශ්‍ය නම් වතුර ස්වල්පයක් දමා මදගින්නේ පිසගන්න. 
අවසානයේ කැමතිනම් කොත්තමල්ලි කොල ටිකක් කුඩාවට කපා උඩින් දමා ගන්න

ධනාෂා තරනි ගේ වෙනත් කෑම වට්ටෝරු


ඉන්දියන් දාබා ක්‍රමේට ස්පයිසි චිකන් කරිය
ධනාෂා තරනි

ඉන්දියන් ක්‍රමේට බතක්
ධනාෂා තරනි

කතුරැමුරැංගා බැදුම
ධනාෂා තරනි

කංකුන්, සුදු ළූනු ෆ්‍රයිඩ් රයිස්
ධනාෂා තරනි
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 260
දියබත්
By Ishara Sajani Kavinga
Views - 113

By Ishara Sajani Kavinga
Views - 47
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 195
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 397
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 7982
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 7427
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 6821
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 5491
පැනි රොටී
By Chathurani Priyangika
Views - 5401
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'