එග්ස්,කැරට් ඇන්ඩ් කන්කුන් රයිස්
- සුරංජි ඩි අල්විස් විසිණි.
රස ගුණ සපිරි එග්ස්,කැරට් ඇන්ඩ් කන්කුන් රයිස් ~~~~~~~~
අවශ්‍ය ද්‍රවය :
බාස්මතී හෝ මුතු සම්බා/ කීරි සම්බා
කැරට් අල 4ක්
කන්කුන් මිටි 1ක්
බිත්තර 4යි
සුදු ලූනු
තක්කාලි පේස්ට් මේස හැන්දක්
ඔයිස්ට සෝස් තේ හැදි භාගයක්
එනසාල් , කුරුදු පොත්තක් , කරාඹු නැට්ටක්
කරපින්චා
සුප් පව්ඩර් තේ හැන්දක්
ගම්මිරිස් කුඩු ටිකක්
අවශ්‍ය පමනට ලුනු
සාධන ක්‍රමය :
බාස්මති හොදට සෝදා දිය බේරෙන්න තබා ලොකු සාස් පානකට එළවලු තෙල් දමා රත් වූ පසු තලාගත් සුදුලූනු , කරපින්චා හා හාල් ටික දමා තෙලේ යාන්තමින් බැද ගන්න හාල බැදීගෙන එන විට එයට කරදමුන්ගු කරාඹු නැට්ටක් කුරුදු පොත්ත කහ ටිකක් දමා වතුරද පමණට දමා බත උයා ගන්න
උයා ගත් බත නිවෙන්න හරින්න වෙනම සෝස් පැන් එකක් ගෙන එයට තෙල් දමා ලුනු , ගම්මිරිස් දමා ගසාගත් බිත්තර දමා කුඩා කෑලි එන සේ හැන්ද කින් මිශ්‍ර කරගන්න එය ඉදි ගෙන එද්දි එයට ග්‍රේට් කරගත් කැරට් මිශ කර ගන්න පසුව එය බතට දමා ගෙන හොදට මිශ්‍ර කරන්න
එම සෝස් පෑන් එකටම ඔයිල් ටිකක් දමා සුදු ලූනු බැදෙන්න දමන්න ඉන්පසු ලුනු ටිකක් , ගම්මිරිස් කුඩු ටිකක් ඔයිස්ටර් සෝස් ටික , තක්කාලි පේස්ට් ටික දමා හොදින් මිශ්‍ර කරගත් කන්කුන් ටික තෙලට දමා තෙලේ යාන්තමින් බැද ගෙන කොල පාට පිච්චෙන්න නොදී ලිපෙන් බා අර බතටම හොදින් කලවම් කර රස බලන්න මෙයට වඩාත් ගැල පෙන්නේ බේක් කරගත් චිකන් සහ රයිතා සලාදයක් හෝ තමන් කැමති ගැලපෙන මස් හෝ මාලු කරිස්ය
![]() By Kanchana Jayasekara Views - 618 |
![]() By Wishmi Views - 511 |
![]() By Kanchana Jayasekara Views - 528 |
![]() By Kanchana Jayasekara Views - 308 |
![]() By Shashiya Shashi Views - 916 |
![]() By Indunee Welivita Views - 7584 |
![]() By Shiki Ranasinghe Views - 6944 |
![]() By Ruwanthika Madushani Views - 6111 |
![]() By Dilini Madushika Views - 5123 |
![]() By Chathurani Priyangika Views - 5098 |