katatarasata.com

 

 

වම්බටු ගෙඩිය පිටින් ඉවීම

- නුවන් තරංග වික්‍රමගේ විසිණි.



අවශ්‍ය දේ
කුඩා ප්‍රමානයේ වම්බටු ඔබට අවශ්‍ය පමන
ගොරකා බික් දෙකක් තුනක්
සුදු ළූනු බික් කීපයක්
කරපිංචා
රම්පේ
ගම්මිරිස් කුඩු ස්වල්පයක්
ලුනු රස පදමට
බැදපු තුනපහ
මිරිස් කුඩු 
කහ කුඩු
කැබලි මිරි
රතු ළූනු ගෙඩි කීපයක්
උකු මිටිකිරි කෝප්පයක්
දියකිරි ටිකක්

මේ ප්‍රමානවල් ඔබගේ අවශ්‍යතාවය මත වෙනස් වෙයි

සාදන ක්‍රමය

මුලින්ම සොදා ගත් වම්බටු ගෙඩි ටික දික් අතට කපා ගන්න (පින්තූරයේ ලෙසට )ඉන් පසු මිරස් කුඩු ලුනු කහ සහ ගම්මිරිස් කුඩු ගොරකා කපාගත් වම්බටු සමග බාජනයකට දමා හොඳින් අතගාන්න
ඉන් පසු රතුළූනු කපා ගන්න කපා ගත් ළූනු කැබලි මිරිස් කරපිංචා කුරුදු කැබැල්ල තුනපහ කුඩු සියල්ල
ලිප තබාගත් මැටි බාජනයකට(මැටි බාජනයක් නොමැතිනම් වෙනත් එකක්) තෙල් ටිකක් දමා රත් වූ පසු 
ඉහත මිශ්‍රණය දමා තෙම්පරාදු කරන්න මෙයටම වම්බටු ටිකද එක් කරන්න
ටික වේලාවක් තෙම්පරාදු වූ පසු එයට දියකිරි ටික එක්කරන්න කිරි හිඳෙන විට එයට මිටිකිරි එක් කරන්න එය බාගෙට හිඳෙන විට ලිපෙන් බාගන්න රසවත් කරියක් වේවි .

නුවන් තරංග වික්‍රමගේ ගේ වෙනත් කෑම වට්ටෝරු


වම්බටු ගෙඩිය පිටින් ඉවීම
නුවන් තරංග වික්‍රමගේ
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 243
දියබත්
By Ishara Sajani Kavinga
Views - 105

By Ishara Sajani Kavinga
Views - 43
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 177
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 375
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 7961
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 7393
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 6786
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 5468
පැනි රොටී
By Chathurani Priyangika
Views - 5381
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'