katatarasata.com

 

 

වට්ටක්කා සුප්

- ආත්මා ඇන්තනී විසිණි.



වට්ටක්කා සුප්

අවශ්‍ය දේවල්
පොතු සහ මැද සුද්ද කර කොටු කපාගත් වට්ටක්කා 1- 11/2 kg
පොඩියට කපාගත් ලූණු ‍ගෙඩි 1
තලාගත් සුදුලූණු බික් 3-4
මස් තම්බා ගත් වතුර හෝ chicken cubes 2-3 සමග වතුර 
ගම්මිරිස් අවශ්‍ය පමණ 
අමුමිරිස් සිහින්ව ලියා 2-3
1cm පමන කොටු කපාගත් පාන් පෙති 2-3
කුරැදු කුඩු ස්වල්පයක් 
සාදික්කා කුඩු ස්වල්පයක්
තෙල් අවශ්‍ය පමණ 
Creme fraiche 2-3 tbsp

සාදන අයුරු ; 
සුප් සාදන වලද රත්කර, තෙල් ටිකක් දමා ලියාගත් ලූණු, සුදුලූණු, අමුමිරිස්,දමා තෙම්පරාදු කරන්න. එයට වට්ටක්කා ටික,ලුනු ,ගම්මිරිස් සහ ස්ටොක් (මස් තම්බා ගත් වතුර හෝ වතුරේ දියකරගත් chicken cubes)අවශ්‍ය තරම් දමා තම්බා ගන්න. හොදින් තැම්බුනු පසු mixer/ blender එකකින් හොදට cream කරගන්න.මෙහිදී තමන්ට අවශ්‍ය තරම් උකුවට දියර අඩු වැඩි කරගන්න. දැන් එයට creme එකතු කර නැවත මිශ්‍ර කරගන්න. දැන් රසවත් සුප් එක හදල ඉවරයි. දැන් අර කොටු කපාගත් පාන් කෑලි වලට කුරැදු කුඩු, සාදික්කා කුඩු ස්වල්පයක් ඉහලා ඔලිව් තෙල් ස්වල්පයක් දමා මිශ්‍ර කර එය තැටිටක තුනීකර විනාඩි 12-15 අවන් එකේ රෝස්ට් කරගන්න. 
දැන් සුප් එක කප් එකට දාලා රෝස්ට් කරගත් පාන් කෑලි ටිකකුත් උඩින් දාගන්න. කැමතිනම් තව creme ටිකක් කන වෙලාවට මිශ්‍ර කරන්න. එතකොට ලස්සනයි රසයි දෙකම වැඩියි.

ආත්මා ඇන්තනී ගේ වෙනත් කෑම වට්ටෝරු


විශේෂ මස් බතක්
ආත්මා ඇන්තනී

බර්ෆි (ඉන්දියන් රසකැවිලි වර්ගයක්)
ආත්මා ඇන්තනී

වට්ටක්කා සුප්
ආත්මා ඇන්තනී

ස්පයිසි ඇන්ඩ් චීස් සුරිනාම් රොටී
ආත්මා ඇන්තනී
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 2871
දියබත්
By Ishara Sajani Kavinga
Views - 1129
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 1609
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 2828
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 2209
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 12192
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 11190
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 11053
පැනි රොටී
By Chathurani Priyangika
Views - 7848
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 7705
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'