katatarasata.com

 

 

පඩ් ගපාඕ - තායි බැසිල් චිකන්

- ගයාන් එරන්දක විසිණි.



පඩ් ගපාඕ - තායි බැසිල් චිකන් ✨
අවශ්‍ය ද්‍රව්‍ය
චිකන් ග්‍රෑම් 250 පමන ( මම ගත්තේ චිකන් වින්ග්ස් වල මස් )
බැසිල් කොළ ටිකක්
ඉදුනු අමු මිරිස් කරල් 4 පමන
සුදුළූනු බිකි 4
රතුළූනු ගෙඩි 3
බෙල් පෙපර් ටිකක්
ස්වීට් සෝයා සෝස් මේස හැඳි බාගයක් පමන
ඔයිස්ටර් සෝස් මේස හැන්දක් පමන
සීනි තේ හැන්දක් 
ලුනු/ ගම්මිරිස්/මිරිස් කුඩු ස්වල්පයක්
ඕනෑම තෙල් වර්ගයක් ( මම ගත්තේ තල තෙල් )
බිත්තරයක්
පිස ගත් බත්
සාදාගන්නා ආකාරය
මුලින්ම සුදුළූනු මිරිස් සහ ළූනු ටික වංගෙඩියකට දමා හොදින් කොටා ගන්න.. මස් ටිකද සෝදා කුඩාවට කපා ගන්න.. බාජනයකට තෙල් මේස හැඳි දෙකක් පමන දමා එයට කොටා ගත් පේස්ට් එක එකතු කරගන්න.. එය යන්තම් බැදී ගෙන එන විට මස් ටික එකතු කර හොදින් කලවම් කරමින් බැදෙන්නට හරින්න.. ඒ සමගම ලුනු ටිකක් ගම්මිරිස් ටිකක් කැමතිනම් මිරිස් කුඩු ටිකකුත් එකතු කරගන්න..
ඉන්පසු එයට බෙල පෙපර් ටික දමා සෝයා සෝස් ඔයිස්ටර් සෝස් ටික සහ සීනි ද එකතු කර හොදින් වැඩි ගින්නේ කලවම් කරන්න.. ස්වල්ප වේලවකින් ලිප නිවා බැසිල් කොළ ටික් එකතු කර කලවම් කරගන්න..
බිත්තරය ද වෙනම බැද ගෙන බත් සමග ආහාරයට ගන්න..

ගයාන් එරන්දක ගේ වෙනත් කෑම වට්ටෝරු


කොත්තමල්ලි කොළ බත්
ගයාන් එරන්දක

චොප්සි රයිස්
ගයාන් එරන්දක

පඩ් ගපාඕ - තායි බැසිල් චිකන්
ගයාන් එරන්දක

ග්‍රිල්ඩ් එග්ෆ්ලාන්ට් චෝකා
ගයාන් එරන්දක
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
කොත්තමල්ලි කොළ බත්
By Gayan Erandaka
Views - 153
අඹ ස්මූති
By Niranjala Fernando
Views - 284
අඹ මිල්ක්ශේක්
By Niranjala Fernando
Views - 251
ස්ව්ට් මෙලන් බීම
By Nisha Navarathna
Views - 183
අප්‍රිකොට් බීම
By Arjunee Upekkha Ranatunga
Views - 151
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 6431
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 5990
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 4413
පැනි රොටී
By Chathurani Priyangika
Views - 4366
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 4346
Copyright © 2017 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'