katatarasata.com

 

 

පනා කැවුම්

- රමෝනා ජයමාන්න විසිණි.



අවශ්‍ය ද්‍රව්‍ය -:
පාන් පිටි 500g
පොල් කිරි කෝප්ප 1
බිත්තර 1
කහකුඩු ස්වල්පයක් 

සීනි පැණිපත් කිරීම සදහා-:
සීනි 100 g
වතුර

මුලින්ම පිටි , බිත්තර,කහකුඩු දමා එයට පොල් කිරි දමා අනාගන්න. අතේ නොඇලෙන ගානට පිටි ගුලියක් ආකාරයට එනතෙක් හොදින් අත් ගසා පිටි ගුලිය සකසා ගන්න.වතුර දාන්න එපා
පිටි මෝලිය ටිකක් වෙලා තෙත රෙදි කඩකින් වසා තබන්න.
ඉන්පසු ගෑරැප්පුවක් ගෙන එහි පිට පැත්තට පිටි ගුලියෙන් කෑල්ලක් ගෙන තබා තද කර කොනක සිට රෝල් කරන්න.(රූපය බැලූ විට වැටහේ)
මේ ආකාරයට සියල්ලම සකසා ගන්න.පහත රූපයේ පරිදි.
ඉන්පසු බටර් ගෑ තැටියක් ගෙන එයට එකින් එක අසුරන්න.මෙය සෙල්සියස් අන්ශක 200 උශ්නත්වය යටතේ විනාඩි 50ක් පුලුස්සා ගන්න.

ඉන්පසු බාජනයක් ගෙන එයට වතුර ස්වල්පයක් සමග සීනි ටික දමා මද ගින්දරේ හැදි ගාන්න.බුබුලු දමා උඩට එනතෙක් ලිපේ තියා හැදිගාන්න.මෙය විනාඩි 15ක් පමන කල යුතුය.ද්‍රාවණය උකු ගතියට එන තෙක් හැදි ගාන්න. ඒ කියන්නේ නුල් ඇදෙන පදම වන තෙක්. වතුර වීදුරුවකට මේ දාවණයෙන් ටිකක් දැමූ විට යටට ගිලෙනවා නම් අන්න පදම හරි. දැන් බේක් කරගත් පනා කැවුම් ටික දමා හැදි ගාන්න.ඉන්පසු ලිප නිවා දමන්න.

*මෙය බේක් කරනවා වෙනුවට ගැබුරු තෙලේ බැදගෙනද පැණිපත් දමා ගත හැකිය.
මේ ප්‍රමාණ වලින් පනා කැවුම් 110ක් පමන සාදා ගත හැක

රමෝනා ජයමාන්න ගේ වෙනත් කෑම වට්ටෝරු


පනා කැවුම්
රමෝනා ජයමාන්න

කඩල සුප්
රමෝනා ජයමාන්න
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 1213
දියබත්
By Ishara Sajani Kavinga
Views - 429
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 730
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 1266
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 1104
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 9116
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 8901
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 8778
පැනි රොටී
By Chathurani Priyangika
Views - 6304
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 6273
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'