katatarasata.com

 

 

ලෙමන් ක්‍රීම් කේක්

- ඉන්දුනී වැලිවිට විසිණි.



ලෙමන් ක්‍රීම් කේක් (Lemon Cream cake)
අවශ්‍ය ද්‍රව්‍ය:
පිටි 225g (පිටි තේ හැන්දක් ඉවත් කර කොන් පිටි තේ හැන්දක් දමන්න)
කුඩු කළ සීනි 225g
බිත්තර 4
බටර් 225g (කාමර උෂ්ණත්වයේ)
බේකින් පවුඩර් තේ හැඳි 1
බේකින් සෝඩා තේ හැඳි 1
ලෙමන් යුෂ මේස හැඳි 3
ලෙමන් ලෙලි මේස හැඳි 1
කහ ආහාර වර්ණක (අවශ්‍ය නම්)

කේක් එක සෑදීම....
• අවන් එක 180⁰C රත් කරන්න. බටර් ගා ගත් තැටි 2කට (විෂකම්භය 9’’) තෙල් කඩදාසි දමා සූදානම් කර ගන්න. එක තැටියක දාන්නත් පුලුවනි. ඒත් කැටි දෙකක දැම්මාම හොඳට උසට පිපිලා එනවා.
• මුලින්ම බටර් සහ සීනි බඳුනකට දමා ක්‍රීම් වන තුරු (සීනි හොඳින් දිය වන තුරු) බීට් කරන්න.
• ඉන්පසු එයට බිත්තර එකින් එක දමා ක්‍රීම් වන තුරු බීට් කරන්න.
• පිටි, කෝන් පිටි, බේකින් පවුඩර්, බේකින් සෝඩා එකට දමා 3 පාරක් හලා ගන්න.
• පිටි වලින් කොටස බැගින් මිශ්‍රණයට දමමින් ලී හෝ ප්ලාස්ටික් පත්තකින් (spatula) එකම පැත්තකට මිශ්‍ර (fold) කරන්න.
• සූදානම් කළ තැටි වල දමා විනාඩි 20-30 බේක් කර ගන්න. කේක් එක අවන් එකෙන් ඉවත් කරන්න පෙර ටුත් පික් එකක් කේක් එක යටටම ගසා බලන්න. මිශ්‍රණය ටුත් පික් එකේ නොගෑවී එන වේලාවෙදි අවන් එකෙන් ඉවත් කර නිවෙන්න තියන්න.

දැන් කේක් එක සැන්ඩ්විච් කර සරසා ගනිමු. එයට ලෙමන් ක්‍රීම් ප්‍රොස්ටින් සාදා ගන්න.

ලෙමන් ක්‍රීම් ප්‍රොස්ටින් ( Lemon Cream Frosting) .....
අවශ්‍ය ද්‍රව්‍ය:
ඩබල් ක්‍රීම් 200ml
ක්‍රීම් චීස් 150 g (රස අනුව කැමති පමණ)
ලෙමන් කර්ඩ් මේස හැඳි 2-3 (රස අනුව කැමති පමණ)
අයිසින් සීනි 50 g (හෝ රස අනුව)

සාදන ආකාරය:
• ක්‍රීම් චීස්, අයිසින් සීනි සහ ලෙමන් කර්ඩ් දමා බීට් කරන්න.
• වෙනම බඳුනක හොඳින් ශීතවූ ක්‍රීම් දමා විස්ක් කරන්න. ඝන වේගෙන එන විට ක්‍රීම් චීස් මිශ්‍රණය දමා කවලම් කරන්න. අවශ්‍ය නම් තවත් ඝනකම එනතුරු විස්ක් කරන්න. වැඩිපුර විස්ක් කලොත් කෑලි වගේ හැදෙනවා. එයට පෙර නවත්වන්න. මෙය පැය බාගයක් පමණ ශීතකරණයේ තබන්න.
• මේ ප්‍රොස්ටින් එකෙන් නිවුනු කේක් දෙක සැන්ඩ්විච් කරලා වටේමත් එකෙන් කවර් කරලා කැමති ආකාරයකට සරසා ගන්න පුලුවන්.

ලෙමන් මිරර් ග්ලේස් ( Lemon Mirror Glaze)............
• කේක් එක උඩින් ලෙමන් මිරර් ග්ලේස් එකක් දාලා තියෙන්නේ.
අවශ්‍ය ද්‍රව්‍ය:
ලෙමන් කර්ඩ් මේස හැඳි 2
ජෙලටින් තේ හැඳි 1/2

සාදන ආකාරය:
• ලෙමන් කර්ඩ් ටිකක් රත් කරලා කෑලි ගතිය නැති වෙන්න පෙරන්න. 
• එයට ජෙලටින් දිය කරලා නිවෙන්න තියන්නග
• දියර ගතියට තියෙද්දිම කේක් එක උඩින් වත් කරලා ශීතකරණයේ තබන්න.

ලෙමන් කර්ඩ් (Lemon Curd).........

අවශ්‍ය ද්‍රව්‍ය:
කහ පාට ලොකු ලෙමන් ගෙඩි 1
සීනි 60g (කුඩු කර ගත්)
බටර් 30g
බිත්තර 1
කොන් පිටි තේ හැඳි ½

සාදන ආකාරය:
• ලෙමන් ගෙඩිය් පිට පොත්ත ග්‍රේටරයකින් ගා ගන්න. (සුදු පාට ලෙල්ල මතු වෙන්න කලින් නවත්වන්න. නැති නම් තිත්ත රස එනවා).
• ලෙමන් ගෙඩියේ යුෂ මිරිකා ගන්න (මේස හැඳි 3-4)
• බිත්තරය ලාවට බීට් කර ගන්න
• බඳුනක වතුර අඟල් 1-2 පමණ උසට දමා ලිප තබන්න. වතුර උතුරණ විට එය උඩින් වෙනත් බඳුණක් තබා (ඩබල් බොයිල් ක්‍රමය) ලෙමන් යුෂ වල කොන් පිටි දිය කර දමන්න. 
• එයට සීනි දමා දිය වන තුරු හැඳි ගාන්න. 
• එයට බටර් දමා දිය කරන්න. 
• බටර් දිය වූ පසු ලාවට බීට් කල බිත්තරය දමා විස්ක් එකකින් කවලම් කරන්න.
• මිශ්‍රණය ඝන වීගෙන එන විට (හැන්දක පිට පැත්තේ තැවරෙන තරමට) ලිපෙන් බා පිරිසිදු බෝතලයක දමන්න. ජීවාණුහරණය කළ බෝතලයක දැම්මොත් සති 2 පමණ ශීතකරණයේ තියා ගන්න පුලුවනි.

ඉන්දුනී වැලිවිට ගේ වෙනත් කෑම වට්ටෝරු


පෑන් කේක්
ඉන්දුනී වැලිවිට

බුල්ටෝ ටොෆී
ඉන්දුනී වැලිවිට

ලෙමන් ක්‍රීම් කේක්
ඉන්දුනී වැලිවිට

ෆොන්ඩන්ට් අයිසින් සාදන අාකාරය සහ කේක් එක ආවරණය කරන ආකාරය
ඉන්දුනී වැලිවිට
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 797
දියබත්
By Ishara Sajani Kavinga
Views - 274
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 510
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 880
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 866
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 8585
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 8191
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 8001
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 5951
පැනි රොටී
By Chathurani Priyangika
Views - 5896
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'