katatarasata.com

 

 

ගෝබි මසාලා

- ඔෂාධිණි රුවන්තිකා විසිණි.



~ ගෝබි මසාලා ~

අවශ්ය දේ

කෑලි කපා ගත් ගෝවා මල් 
ළුණු
සුදු ළුණු
ඉගුරු
මිරිස් කුඩු
ගරම් මසාල කුඩු
කොත්තමල්ලි කුඩු
පොල් කිරි
කුරුදු
කරදමුංගු
කරාබු නැටි
අමු මිරිස්
ලුනු
රම්පා
කජු
තක්කාලි
සැරසීමට කුඩාවට කපාගත් පාස්ලි හා තක්කාලි

වැදගත්ම කාරණය නම් ගෝවා මල් පිසීමට පෙර පැය 2ක් පමණ ලුනු හා විනාකිරි ස්වල්යක් මිශ්ර වතුරේ බහා සෝදා ගන්න.ඊට පසු කපු රෙදි කැබැල්ලකින් ගෝවා සියල්ල ඔතා වතුර ගතිය සිද ගන්නේ නම් වඩාත් මැනවි

ගෝවා මල් සදහා පලිබෝද නාශක වැඩි වශයෙන් භාවිතා කරන හෙයින් මෙලෙස සිදු කරන ලෙස එම වට්ටෝරු පොතේම සදහන් විය.කෑමක රස මෙන්ම ගුණ පිළිබදවද සැලකිලිමත් වීම වටනේය

එලෙස සකසා ගත් ගෝවා මල් කහ,ලුනු හා ගම්මිරිස් ස්වල්පයක් අතගා භාගෙට තම්බා ගන්න.

ළුණු , සුදු ළුණු, ඉගුරු, කරදමුංගු, කරාබු නැටි, අමු මිරිස්, කුරුදු, තක්කාලි ස්වල්පයක් යන සියල්ල බ්ලෙන්ඩරයට දමා චොප් කරගන්න.

ළුණු , සුදු ළුණු, ඉගුරු වැඩි උන තරමට රසවත් භාවය වැඩිය

තෙල් ටිකක් ලිප තබා මෙයට ඉහත ළුණු පේස්ට් එක හා කුඩාවට කැපූ රම්පේ කැබලි කීපයක් දමා තෙම්පරාදු කරගන්න

ඉන්පසු එයටම ගරම්මසාලා කුඩු ,කොත්තමල්ලි කුඩු හා මිරිස් කුඩු දමා මදක් බැදෙන්න හැර වතුර ඉතා ස්වල්පයක් දමා භාජනය වසා පොඩ්ඩක් පිස ගන්න. රස අනුව ලුනු ටිකක් යොදාගන්න.අනතුරුව යොදන ගෝවා මල් ලුනු දමා තම්බා ඇති නිසා ලුනු ගොඩක් දැමීමට අවශ්ය නොවේ

(මෙම ව්යාංජනය සෑදීමේදී ගෝවා මල් වලට ස්වභාවික රසකාරක වැදුන තරමට රසවත් බව වැඩි නිසා මිරිස්,ගරම් මසාලා ටිකක් වැඩිපුර යොදාගන්න )

අනතුරුව පොල් කිරි දමා ටිකක් නටවා භාගෙට තම්බා ගත් ගෝවා මල් දමා භාජනය වසා අඩු ගින්දරේම තබන්න

මිනිත්තු 5ක් පමණ තබා කජු ටිකක් බ්ලෙන්ඩර් කොට එයට එකතු කරන්න.

මේ අවස්ථාවේදි ලිප සමීපයේම ඉන්නට වග බලාගන්න.කජු දමා ටික වෙලාවකින් හොද්ද උකු වී කැටි වීමට ඉඩ ඇත.

අවශ්ය තරමට ව්යාංජනය පිසූ පසු උඩින් පාස්ලි හා තක්කාලි කැබලි සවල්පයක් දමා සරසා පිලිගන්වන්න

නාසි ගුරාන්,බිරියානි,කහ බත් වැනි දෙයක් සමග ආහාරයට ගෑනීමට ඉතා සුදුසුය

ඔෂාධිණි රුවන්තිකා ගේ වෙනත් කෑම වට්ටෝරු


කොස් ඩෙවල්
ඔෂාධිණි රුවන්තිකා

නර්සරි ඩිසයින් කප් කේක්
ඔෂාධිණි රුවන්තිකා

ගෝබි මසාලා
ඔෂාධිණි රුවන්තිකා

චෙස් බෝර්ඩ් කුකීස්/වොටර් මෙලන් කුකීස්
ඔෂාධිණි රුවන්තිකා
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 2653
දියබත්
By Ishara Sajani Kavinga
Views - 1028
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 1496
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 2590
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 2040
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 11741
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 10869
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 10832
පැනි රොටී
By Chathurani Priyangika
Views - 7629
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 7535
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'