චොකලට් කේක් විත් ගනාචේ - Chocolate cake with garnache
- කව්ෂි මේඝවර්ණ ධර්මපාල විසිණි.
කේක් එක සදහා:-
පිටි 200g
සීනී 200g
බටර් 200g
බිත්තර 4
කොකෝ පවුඩර් 50g
වැනිලා 1/2 tsp
බේකින් පව්ඩර් 1tsp
බේකින් සෝඩා 1tsp
කිරි කෝප්ප 1/4
පිටි සමග බේකින් පවුඩර්, බේකින් සෝඩා, චොකලට් පවුඩර් මිශ්ර කර ගන්න.
බදුනකට බිත්තර කඩා දමා හොදින් බීට් කර ගන්න.
වෙනම භාජනයක බටර් , සීනී හොදින් බීට් කර ගන්න. සීනී දිය වන තුරැ. එයට බීට් කර ගත් බිත්තර මීශ්රණය දමා කලවම් කර ගන්න.එයට පිටි ටික ටික දමා මිශ්ර කර ගන්න.
අවසානයට කිරි, වැනිලා දමා මිශ්ර කර 180C ,විනාඩි 30-35 බේක් කර ගන්න.
කේක් එක හොදින් නිවෙන්නට හැර ලේයර්ස් කපා ගන්න.
Suger syrup එක සදහා...........
වතුර 100 ml + සීනී 100g දමා මද ගින්නේ තමා හැදි ගාන්න.(බුබුලු දමන තෙක් )
එය නිවෙන්නට හැර එයට රම්/ වැනිලා ටිකක් එකතු කරන්න.කේක් එක නිවුනු පසු කේක් එක සමාන කොටස් 2ට /3ට කපා (layors) suger syrup එකෙන් පොගවා ගන්න.
Chocolate Garnache සාදා ගැනීම ( කේක් එක උඩින් දමා ගැනීමට)..............
Heavy cream 250ml උණු කර ගන්න.ලිපෙන් ඉවතට ගෙන එයට milk chocolate / Dark chocolate 250g කුඩා කැබලි කඩා දමා හොදින් කලවම් කර නිමෙන්නට තබා ගන්න.
Suger syrup එකෙන් තෙමා ගත් කේක් ලේයර් මතට garnache මිශ්රනයෙන් ටිකක් දමා කේක් එක සැන්විච් කර ගන්න.(නැත්නම් butter icing / choco icing මගින්ද කේක එක සැන්විච් කර ගත හැක.)
පසුව නිවෙන්නට තැබු chocolate garnache මිශ්රනය , සැන්විච් කර ගත් කේක් එක මතට දමා ගන්න. එයට උඩින් white chocolate, double boil කර රටාවකට දමා හැඩ කර ගන්න.
![]() By S.Kosalee Ranasinghe Views - 1 |
![]() By Oshadhini Ruwanthika Views - 3 |
![]() By Nadee Nanayakkarawasam Views - 3 |
![]() By Manojani Lokusooriya Views - 2 |
![]() By Dinusha Rajapaksha Views - 5 |
![]() By Ruwanthika Madushani Views - 18406 |
![]() By Shiki Ranasinghe Views - 15721 |
![]() By Indunee Welivita Views - 15633 |
![]() By Indunee Welivita Views - 14895 |
![]() By Chathurani Priyangika Views - 11301 |