katatarasata.com

 

 

ඉස්සන් මිශ්‍ර ස්පගති (ඉතාලි ආහාරයක්)

- නවින් අකලංක සහබන්දු‎ විසිණි.



Spaghetti Prawn aglio e olio 

ඉතාලි භාෂාවෙන් aglio (සුදුළුණු ) olio ( ඔලිව් තෙල්) වන මම හදලා තියන dish එකේ විශේෂත්වය වන්නේ...මෙයට ඉස්සන් දාලා තිබිමයි...
මෙය ඉතාලියේ ජනප්‍රිය කැමක්

අවශ්‍ය දෑ

Spaghetti
සුදුළුණු 
ඉස්සන් ( ඔලුව සමග ) ( දිග නැටි දෙක කපා ගන්න)
( ඉස්සන් එකතු කිරිමෙදි ඔලුව සමග එකතු කරන්න- පිට කොටස මදක් පොතු අයින් කර උඩින් පැලිමක් සිදුකරන්න )

ඔලිව් තෙල් (extea verging olive oil උඩින් විසිම සදහා)
බැසිල් කොළ ( Basil Leaves)

පාර්ස්ලි (English parsly )

Rucola කොළ ( Rocket leaves) - රොකට් කොළ ( හොයාගන්න පුලුවන් නම්)
Cherry Tomato

ලුණු - ගම්මිරිස් - චිකන් ස්ටොක් රස අනුව
සැර වැඩි කරගැනිමට කොච්චි සහ කැළිමිරිස්

මුලින්ම Spaghetti එක තම්බා ගන්න. ( නටන උණු වතුරේ වි.8 ක් පමණ)

වතුර හොදින් ඉවත් කරගන්න....පැතලි භාජනයක් මත spaghetti එක දමා , ඊට උඩින් එළවළු තෙල් හො ඔලිව් තෙල් දමා කැඩෙන් නැතිවෙන්න mix කරගන්න.( කැටි නොගැසෙන්න)

Pan එකක් ලිප තබා ඔල්ව් තෙල් එකතු කර සුදුළුණු දමන්න. ( මදක් රන්වන් පැහැ වන තෙක් )

ඉස්සන් එකතු කරගන්න මදක් තැඹිලි පාට වන විට වතුර එකතු කරගන්න. (ඉස්සන් වැසෙන ප්‍රමාණයට)

එම මිශ්‍රණයට ලුණු ගම්මිරිස් චිකන් ස්ටොක් කැලිමිරිස් එකතු කරගන්න.

එම තැම්බෙන වතුරටම මැදින් කපාගත් කොච්චී කරල් දෙකක් එකතු කරගන්න ( සැර අවශ්‍ය නම් ) 

Spaghetti එකතු කරගන්න,

එයට බැසිල් කොළ හතරක් ( අතින් කඩාගත්) සිහින්ව ලියාගත් පාර්ස්ලි rocket leaves , 7ක් 8 ක් , හතරට කපාගත් චෙරි ටුමැටො , රවුම් කපාගත් Black olive දමා හොදින් Saute කරගන්න...( විනාඩි කිහිපයක් වතුර හිදෙන තෙක් mix කරගන්න - spaghetti එක කැඩිමට පෙර ලිප නිවාගන්න)
Extra vergin olive oil ටිකක් එකතු කරගන්න, පොඩ්ඩක් toss කරගන්න.

නවින් අකලංක සහබන්දු‎ ගේ වෙනත් කෑම වට්ටෝරු


ඉස්සන් මිශ්‍ර ස්පගති (ඉතාලි ආහාරයක්)
නවින් අකලංක සහබන්දු‎

මඤ්ඤොක්කා මැල්ලුම
නවින් අකලංක සහබන්දු‎

කේරළ ස්ටයිල් බීෆ් ෆ්‍රයි.
නවින් අකලංක සහබන්දු‎

කොකනට් රයිස් - අපේ රසට
නවින් අකලංක සහබන්දු‎
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 913
දියබත්
By Ishara Sajani Kavinga
Views - 323
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 584
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 1009
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 943
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 8762
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 8391
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 8315
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 6054
පැනි රොටී
By Chathurani Priyangika
Views - 6034
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'