katatarasata.com

 

 

බට්න් මෂ්රෑම් කරි

- උදුලා ජයවර්ධන විසිණි.



අවශ්‍ය ද්‍රව්‍ය

බට්න් මෂ්රෑම් 200g
රටළුෑණු ගෙඩියක්
සුදුලූණු බික් 4
අමුමිරිස් 2
කරපිංචා 
රම්පේ
එනසාල් කරල් 2
කරාබුනැටි 3
කුරැදුපොතු කෑල්ලක් 
ඉඟුරු පොඩි කෑල්ලක් 
සේර කෑල්ලක් 
සියඹලා ටිකක් (ඇට 3 පමණ )
උම්බලකඩ කුඩු ටිකක් 
අමුතුනපහ ටිකක් 
බැදපු තුනපහ ටිකක් 
කහ කඩු ටිකක්  
ගම්මිරිස් ටිකක් 
මිරිස් කුඩු ටිකක්
මිටිකිරි කෝප්ප භාගයක් 
ලුණු කුඩු 
තෙල් ස්වල්පයක් 

සාදන ක්‍රමය

මුලින්ම මෂ්රෑම් ටික දෙකට පලා ලුණු මිශ්‍ර වතුරේ ටික වෙලාවක් තබා හොඳින් සෝදා ගන්න.

ඉන්පසු භාජනයක් ලිප තබා එය රත් වු පසු පිළිවෙලින් මිරිස්කුඩු, අමුතුනපහ කුඩු සහ කහ කුඩු දමා බැද ගන්න.භාජනය ලිපෙන් ඉවත් කරීමට පෙර ගම්මිරිස් ටිකද එක් කර ලිප නිවන්න.හොඳට බැදිල නම් හොඳ සුවඳක් එනවා.මතක තියා ගන්න කර කර ගන්න එපා.

බැදගත් සියල්ලම සෝදා ගත් මෂ්රෑම් ටිකට දමා හොඳින් කලවම් කරන්න. 

දැන් තව භාජනයක් ලිප තබා එයට තෙල් ස්වල්පයක් එක් කරන්න. එය රත් වු පසු තලාගත් ඉඟුරු , සුදුලූණු , රම්පේ, කරපිංචා, සේර, කුරැදුපොතු, එනසාල්, කරාබුනැටි, රටළුෑණු, අමුමිරිස්, උම්බලකඩ එක් කර තරමක් බැදීගෙන එන විට මෂ්රෑම් ටික එක් කරන්න.

මෂ්රෑම් ටික තෙලෙන් තැම්බීගෙන එන විට එයට ලුණු සහ සියඹලා ටික එක් කර හොඳට කලවම් කරන්න. 

ටික වෙලාවකින් පෙනෙයි මෂ්රෑම් ටික තෙලෙන් තැම්බිල තියෙනවා. දැන් එයට මිටි කිරි ටිකක් එකතු කරන්න. 

කිරිටික උතුරාගෙන එන විට බැදපු තුනපහ තේහැඳි බාගයක් පමණ එක් කර මද ගින්නේ හින්දන්න.

උදුලා ජයවර්ධන ගේ වෙනත් කෑම වට්ටෝරු


බට්න් මෂ්රෑම් කරි
උදුලා ජයවර්ධන

ඇපල් බීම
උදුලා ජයවර්ධන

බෙලි ජූස්
උදුලා ජයවර්ධන

මුංඇට කරිය
උදුලා ජයවර්ධන
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 3564
දියබත්
By Ishara Sajani Kavinga
Views - 1496
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 2210
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 3578
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 2724
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 13448
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 12079
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 11834
පෑන් කේක්
By Indunee Welivita
Views - 8901
පැනි රොටී
By Chathurani Priyangika
Views - 8569
Copyright © 2020 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'