katatarasata.com

 

 

කාති රොටි (චිකන් ෆ්රැන්කි)

- ශස්නා මිඩ්ලාජ් විසිණි.



රැ කැමට චිකන් ෆ්රැන්කි හැදුවා. හරි රස කැමක්. මේක ඉන්දියානු කැමක්. කාති රොටි කියලත් කියනවා. රෙසිපිය යු ටියුබ් එකෙන්.

අවශ්‍ය දේවල්

ආටා පිටි කෝප්පයයි
පාන් පිටි කෙ‍ා්ප්ප 3යි
ලුනු රස පරිදි
තෙල් ටිකක් 
වතුර පිටි ඇනිමට

ඉහත සියල්ල හොන්දින් මිශ්‍ර කර විනාඩි 15ක් තියන්න. එතකොට රොටි හදන වෙලාවට අනන්න ලේසි.

ෆිලින් එකට අවශ්‍ය දේවල්

තෙලි ටිකක්,
සුදුරැ ඇට ටිකක්
තලා ගත් සුදු ළුණු හා ඉඟුරැ
චොප් කල ළුණු 
කහ,ලුනු ,මිරිස් කුඩු,කෙත්තමල්ලි කුඩු,සුදුරැ කුඩු,
වචාප් කල තක්කාලි හා මාලු මිරිස් හෝ බෙබ් පෙපර්
චොප් කල කටු රහිත කුකුල් මස් හෝ අඹරා ගත් 
දෙහි ඉස්ම ටිකක් 
තියෙනවනම් කොත්තමල්ලි කොල ටිකක්
වෙනම චොප් කල ළුණු,තක්කාලි බිත්තර
මේ සියල්ල මං උඩින් දාපු පිළිවෙලට තෙල් වල උයා ගන්න.
අර වෙනම අරං තියපු ළුණු,බිත්තර හා තක්කාලි කරි එක හදන්න ගන්න එපා.

දැං රොටිය හදමු

අර පිටි මිශ්‍රනයෙන් පොඩි බෝල හදන්න.
රෝල් කරලා පරාටා වලට වගේ අවානක් වගේ නවලා රෝල් කරලා තුනි කරන්න. 
පැන් එකකට තෙල් ටිකක් ගාලා රොටිය පුච්ච ගන්න දෙපැත්ත දුඹුරු තිත් එනකන්.
දැං තෙල් ටිකක් රොටියෙ පැත්තකට ගාලා බිට් කරපු බිත්තර ටිකක් දාලා මුලු රොටියටම පැතිරෙන විදිහට හැන්දෙන් අතුරන්න. 
ටිකකින් අනිත් පැත්ත හරවා බිත්තරේ උයා ගන්නකන් රෝස්ට් කරලා ලිපෙන් ඉවතට ගන්න. 
නිවුනට පස්සේ කොනින් කරි එක තියලා වෙනම අරං තියපු ළුණු හා තක්කාලි ටිකක් ඉස ගන්න.
දැං රොල්ස් නවන පිළිවෙලට නවලා තක්කාලි සෝස් සමග ආහාරයට ගන්න.
මේ විදිහට අනිත් රොටිත් හදා ගන්න.

ශස්නා මිඩ්ලාජ් ගේ වෙනත් කෑම වට්ටෝරු


කාති රොටි (චිකන් ෆ්රැන්කි)
ශස්නා මිඩ්ලාජ්

අවන් එකක් නොමැතිව සාදන ලද බනිස්
ශස්නා මිඩ්ලාජ්

රේන්බෝ පුඩින්
ශස්නා මිඩ්ලාජ්

රුලං පුඩිම්
ශස්නා මිඩ්ලාජ්
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 3184
දියබත්
By Ishara Sajani Kavinga
Views - 1293
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 1940
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 3189
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 2451
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 12784
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 11620
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 11432
පැනි රොටී
By Chathurani Priyangika
Views - 8210
පෑන් කේක්
By Indunee Welivita
Views - 8092
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'