නර්සරි ඩිසයින් කප් කේක්
- ඔෂාධිණි රුවන්තිකා විසිණි.
~ නර්සරි ඩිසයින් කප් කේක් ~
පොඩි දරුවෙක් ගෙදර ඉන්න නිසා තමයි ඩිසයින් කරලා කප් කේක් හදන්න මුලින්ම හිතුනේ.ඒත් තාම හරි පදමට මිශ්රෙණේ හදාගන්න බැරි උනා ලොකු ලොකු වැඩ දාන්න.
ඒත් මම හදපු විදිය ඔයලා එක්ක බෙදාගන්නවා.එතකොට තව කෙනෙක්ට මීට වඩා සාර්ථකව හදන්න පුළුවන් වෙයි
මම හදන්නේ සුජානිගේ කප් කේක් රෙසපියෙන්.හොයාගන්න නැති අයට ඒකත් යටින් දැම්මා
බිත්තර 2
සීනි මේස හැදි 5
පිටි කිරි මේස හැදි 4
එලවලු තෙල් මේස හැදි 2
පාන් පිටි කප් 75ග්
බේකින් පවුඩර් තේ හැදි 2
වැනිලා තේ හැදි 1
මුලින්ම කප් කේක් සාදා ගැනීමට ගන්නා කප් ටික ස්ටීමර් එකේ තියල රත් වෙන්න ලිප දාන්න.
(මේ ප්‍රමාන වලින් කප් කේක් 8 හෝ 9. ඩිසයින් කරද්දි කප් කේක් එකකට දාන ඕන ප්ර්මාණය අඩුයි )
දැන් බිත්තරත් සීනිත් වික්ස් එකකින් හරි හැන්දකින් හරි කලවම් කරගන්න.
එයටම කිරි,එලවලු තෙල්,වැනිලා දමා කලවම් කරන්න.
එයටම පිටි,බේකින් පවුඩර් දමාගන හොදින් කලවම් කර ගන්න.
............................................
ඔන්න ඉතිරිය මම හදපු විදිය අඩු ලුහුඩු නැතුව
මිශ්‍රණය හදලා ඩිසයින් කරන්න හිතන් රූප වලට අදාලව වෙන වෙනම පාට දාගන්න
මූණූ වල පාටින් කප් කේක් එකේ 1/2ක් පුරව ගන්න.ගොඩක් පුරවන්න නම් එපා.මේ ඩිසයින් හදද්දි වටේට පිම්බෙන්නේ නැතුව උඩට පිපෙන්න ඉඩ තියාගන්න ඕන.නැත්තම් අපි ඇදපු ඩිසයින් ස්පෑන් වෙලා කැත වෙනවා
ඩිසයින් අදිද්දි ලොකු පරාසයක් තියෙන ඒවා හැර අනිත් කිසි දේකට නොසෙල් භාවිතා කරන්න එපා.
උදාහරණයකට මම ඇදපු ඩිස්නි ටයිගර්ගේ මූනේ මැද ටික විතරයි අකුරු ලියන හීනී නොසෙල් එකෙන් දාගත්තේ.
වෙනම පාට දාපු කොටස් ඉතුරු කරන් මූණවල්වල මැද ලොකු නාසය කොටස ඒවයින් දැම්මා.කලු පාට ඉරි ඇස් සියල්ල ඇන්දේ කලරින් වලින් ටූත් පික් එක භාවිතා කරලා.හීනියට ඇදගන්න ඕන.බේක් වෙද්දි ඒවා ඇදිලා ලොකු වෙන නිසා
දැන් වැදගත්ම දේ තමයි ඩිසයින් දාපු කප් කේක් ස්ටීම් කරද්දි උඩින් රෙදි කෑල්ලකින් වහන්න ඕන.නැත්තම් ස්ටීමර් එකේ පියනේ වතුර බින්දු කේක් එකට වැටිලා ඩිසයින් බොද වෙනවා.
අනිත් එක කප් කේක් එක්කෝ මෆින් ට්‍රේ එකක් ඇතුළේ දාලා ස්ටීමරය ඇතුළට දාන්න ඕන.මගේ ස්ටීමරය එච්චර ලොකු නැති නිසා මම සිලිකන් කප් ,ෆොයිල් කප් ඇතුළට දාලා දැම්මේ.එහෙම කරන්නේ ඩිසයින් එක ටිකක් හරියනකන් කේක් එක ස්පෑන් නොවී තියාගන්න.
විනාඩි 2,3ක් එහෙම ටියලා ඔයාලට තේරෙනවා ස්ටීමර් එක ඇරියම අපි ඇදපු ඩිසයින් බේක් වෙලා තියෙන ගානට ආවම මෆින් ට්‍රේ එකේ දැම්මා නම් ඒකෙන් එළියට අරන් කප් කේක් මෝල්ඩ් විතරක් තියලා ඉතුරු ටික ස්ටීම් කරන්න.මම නම් ෆොයිල් කප් එක අයින් කරලා ඉතුරු ටික ස්ටීම් කරා.එතකොට මැද අමු වෙන්නේ නෑ.
දැන් මූණු හරි.කන් හදාගත්තේ ස්ටීම් කරන්න පුලුවන් භාජනයක් උඩ බටර් තවරපු ඔයිල් පේපර් එකක් දලා කන් වල හැඩයට පොඩි පොඩි ඩ්‍රොප් තියාගෙන යන්න.ඒවත් ස්ටීම් කරන්න
දැන් කප් කේක් එකේ කන හයි වෙන්න ඕන තැන ශාර්ප් පිහියකින් පොඩි කැපුමක් දාලා තේ හැන්දක මිට පැත්තෙන් ඒ සිදුර ටිකක් විවර කරලා වෙනම හදාගත්ත කන් කොටස ඇතුල් කරන්න.එච්චරයි
![]() By Hiru Sandu Views - 1517 |
![]() By Ishara Sajani Kavinga Views - 554 |
![]() By Dulga Perera Views - 903 |
![]() By Niranjala Fernando Views - 1566 |
![]() By Kanchana Jayasekara Views - 1292 |
![]() By Ruwanthika Madushani Views - 9525 |
![]() By Indunee Welivita Views - 9523 |
![]() By Shiki Ranasinghe Views - 9238 |
![]() By Chathurani Priyangika Views - 6596 |
![]() By Dilini Madushika Views - 6562 |