katatarasata.com

 

 

බුල්ටෝ ටොෆී

- ඉන්දුනී වැලිවිට විසිණි.





අවශ්‍ය ද්‍රව්‍ය:
ඩබල් ක්‍රීම් හෝ විපින් ක්‍රීම් මේස හැඳි 3-4
බටර් මේස හැඳි 4
දුඹුරු පාට සීනි කෝප්ප ½ (හෝ මේස හැඳි 8) පමණ
ගෝල්ඩන් සිරප් හෝ මේපල් සිරප් හෝ කොන් සිරප් මේස හැඳි 4
බ්ලැක් ට්‍රීකල් මේස හැඳි 2
පාන් පිටි මේස හැඳි 6-7

සාදන ක්‍රමය:
>> මේක හදන්න කැන්ඩි තමෝමීටරයක් තියෙනවා නම් වැඩේ ලේසියි. ඒත් ඔයාලා ගොඩක් අයට ඒවා නැති නැති නිසා මම වෙනත් විදියක් කියන්නම්. ඒකට ඇල් වතුර පිරිසියක් ඕන.
>> මිශ්‍රණය සූදානම් වුණාම වත්කරන්න ඇලුමිනියම් තැටියක තෙල් ගාපු බේකින් පේපර් එකක් එලා සූදානම් කර ගන්න.
>> උදව්වට තව කෙනෙක් තියා ගන්න පුලුවන් නම් හොඳයි. සීනි මිශ්‍රණය ලොකු උෂ්ණත්වයකට රත් කරන නිසා පොඩි ළමයි වටපිටාවේ තියා ගෙන මේක හදන්න ගන්න එපා. අනතුරුදායකයි.
>> දැන් පිටි හැර අනිත් දේවල් ගැඹුරු බාජනයකට දාලා හොඳින් කවලම් කරමින් උනු කරන්න. කැන්ඩි තමෝමීටරයක් තියෙන අය මිශ්‍රණය 140C -145C වගේ උෂ්නත්වයට එනතුරු හැඳි ගාමින් රත් කරන්න.
>> කැන්ඩි තමෝමීටරයක් නැතිනම් මිශ්‍රණය උතුරා ගෙන එන විට එයින් බිංදුවක් බැගින් වරින් වර වතුර පීරිසියට දාලා බලන්න. මේ වැඩේට තමයි උදව්වට කෙනෙක් ඕන. පැණි එක හැඳි ගාන අතරේ මේ වැඩෙත් කරන්න ටිකක් අමාරුයි.

>> මිශ්‍රණය වෙලාවත් සමග උෂ්නත්වය වැඩි වෙමින් අවස්ථා 5ක් පසු කරනවා ඔයාලට පේනේවි. හරියටම යන වෙලාව කියන්න අමාරුයි ලිපේ උෂ්ණත්වය අනුව ගත වෙන වෙලාව වෙනස් වෙන නිසා. ඒ නිසා වරින් වර පැණි බිංදුවක් වතුර පීරිසියට දාලා බලන්න.

1. මුල අවස්ථාවෙදි දාපු පැණි බිංදුව වතුරේ දිය වෙලා වගේ යනවා. නූල් පදම කියන්නේ මේක.
2. ටිකකින් තව බිංදුවක් දාලා බැලුවම, පැණි බිංදුව රවුමට තියෙනවා. ඇඟිල්ලෙන් පොඩි කළාම හැඩය ලේසියට වෙනස් වෙනවා. වතුරෙන් එළියට ගත්තාම පැතලි වෙලා යනවා.
3. ආයේ ටිකකින් තව බිංදුවක් දාලා බැලුවම පෙනේවි, පැණි බිංදුව රවුමට තියෙනවා. ඇඟිල්ලෙන් පොඩි කළාම ටිකක් තදයි ඒත් හැඩය වෙනස් කරන්න පුලුවන්. වතුරෙන් එළියට ගත්තත් බෝලේ වගේම තියෙනවා. ඇඟිල්ලෙන් තද කරලා පැතලි කරන්න පුලුවන්.
4. ඊළඟ අවස්ථාවෙදි බිංදුවක් වතුරට දැම්මාම බොලයක් වගේ තියෙනවා. ඇඟිල්ලෙන් පොඩි කළාම තදයි. හැඩය වෙනස් කරන්න ටිකක් අමාරුයි.
5. අන්තිම අවස්ථාවෙදි බිංදුවක් වතුරට දැම්මාම හයිය නූලක් වගේ හැදෙනවා. ඒක වතුරෙන් එළියට අරන් අමාරුවෙන් ඇඟිලි දෙකෙන් නවන්න පුලුවන්. අන්තිමේදි කැඩිලා යනවා (පින්තූරය බලන්න). දැන් උෂ්නත්වය මැන්නොත් 140C -145C වගේ වෙනවා. පුරුදු වුණාම මේ අවස්ථාව හොඳට තේරෙනවා.

>> 5 වන අවස්ථාවෙදී බාජනය ඉක්මනින් ලිපෙන් බාන්න. පිටි ටික පැණි වලට දාලා හොඳින් කවලම් කර ගන්න.
>> මේ මිශ්‍රණය ඇලුමිනියම් තැටියක දාපු තෙල් ගාපු බේකින් පේපර් එක උඩට පරිස්සමෙන් වත් කරලා විනාඩි 5 පමණ නිවෙන්න තියන්න. පරිස්සමෙන් වටේ දාරෙට ඇඟිල්ල තියලා බැලුවම පෙනේවි වටේ නිවිලා සහ ඝන වීගෙන එනවා කියලා.
>> හැම තැනම ඝන වෙලා වගේ නම් තෙල් ගාපු පිහියකින් අවශ්‍ය දිග පළළ කෑලි කපන්න.
>> මේවා වෙන් කර ගෙන රෝල් කර ගන්න. දැන් තෙල් කඩදාසි කෑලි වල ටොෆි වගේ ඔතන්න.
>> හරිම බුල්ටෝ පදම සමහර විට එක සැරෙන්ම එන එකක් නෑ. කටේ ඇලෙන ගානට හරි ගල් වගේ හයියට හරි එන්නත් පුලුවන්. ඒත් බය වෙන්න එපා වැරදුණ ඒවා විසි කරන්න වෙන්නේ නෑ. ඒවත් හරි රසයි.
>> බ්ලැක් ට්‍රීකල් වෙනුවට තදම තද පාට කැරමල් මේස හැඳි 4 සහ ගොල්ඩන් සිරප් වෙනුවට පැණි මේස හැඳි 4 දැම්මොත් හරි යාවි කියලා හිතනවා.

ඉන්දුනී වැලිවිට ගේ වෙනත් කෑම වට්ටෝරු


පෑන් කේක්
ඉන්දුනී වැලිවිට

බුල්ටෝ ටොෆී
ඉන්දුනී වැලිවිට

ලෙමන් ක්‍රීම් කේක්
ඉන්දුනී වැලිවිට

ෆොන්ඩන්ට් අයිසින් සාදන අාකාරය සහ කේක් එක ආවරණය කරන ආකාරය
ඉන්දුනී වැලිවිට
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 128
දියබත්
By Ishara Sajani Kavinga
Views - 59

By Ishara Sajani Kavinga
Views - 24
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 67
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 240
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 7801
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 7183
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 6424
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 5316
පැනි රොටී
By Chathurani Priyangika
Views - 5241
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'