katatarasata.com

 

 

පොලොස් මෝජුව

- පුබුදුනී නිවත්සලා කුමාරිහාමි විසිණි.



අවශ්‍ය දේවල්..
පොලොස් ගෙඩියක්
රතු ලූනු
අමු මිරිස්
ඉඟුරු
එනසාල්
කරාඹු නැට්ටක්
අබ
විනාකිරි
ලුනු
බැදපු මිරිස් කුඩු
කහ

සාදන ක්‍රමය
1පියවර :- පොලොස් තීරු ලෙස කපා ගෙන කහ සහ ලුනු මිශ්‍ර කර පදම් වෙන්න ටික වෙලාවක් තබා ගැඹුරු තෙලේ රන් වන් පාට වෙනකම් බැදගන්න..

2 පියවර :- අමු මිරිස්, ලූනු තෙලෙන් බැදගන්න..

3 පියවර :- ඉඟුරු එනසාල් එකට අඹරා ගන්න.

4 පියවර :-අබ විනාකිරි එකට අඹරා ඉඟුරු එනසාල් මිශ්‍රනයට එකතු කරගන්න.එම මිශ්‍රණයටම බැදපු මිරිස් කුඩු ටිකකුත් එකතු කරගන්න.

5 පියවර :-දැන් පොලොස්,අබ විනාකිරි මිශ්‍රණය,ඉඟුරු මිශ්‍රණය,ලූනු,අමු මිරිස් එකට එකතු කර හොඳින් මිශ්‍ර කරගෙන අවසානයේදී රස අනුව ලුනු එක්කර ගන්න.

මැටි මුට්ටියක දමා වසා තබා අවශ්‍ය වෙලාවට කෑමට ගන්න.

සැ.යු. අදාල ද්‍රව්‍ය ප්‍රමාණයන් එකිනෙකාගේ රස අනුව වෙනස් විය හැකි බැවින් නියමිත ප්‍රමාණයන් සඳහන් කිරීමට අපහසුය..

පුබුදුනී නිවත්සලා කුමාරිහාමි ගේ වෙනත් කෑම වට්ටෝරු


පොලොස් මෝජුව
පුබුදුනී නිවත්සලා කුමාරිහාමි
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 2281
දියබත්
By Ishara Sajani Kavinga
Views - 866
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 1322
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 2281
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 1783
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 11025
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 10431
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 10345
පැනි රොටී
By Chathurani Priyangika
Views - 7272
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 7246
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'