katatarasata.com

 

 

ඉස්සො ඉස්ම

- පියුමි තණවීර ආරච්චි විසිණි.



ඉස්සො ඉස්ම (මේක තමයි පොතේ තිබුන නම )

 හදපු විදිය :

ඉස්සො ටික ඔලු අයින් කරලා හොඳට සුද්ද කරලා සෝදා ගෙන මිරිස් කුඩු , ලුනු, දෙහි ඇඹුල් චුට්ටක් දාලා පැය බාගයක් විතර සීසන් වෙන්න තියෙන්න..

දැන් තෙල් ටිකක් ලිපේ තියලා ඉස්සො ටික බදින්න ..( ලස්සනට පාට වෙනස් වෙනකං )

බැද ගත්තු ඉස්සො ටික අයින් කරලා ඒ බාජනේටම තව තෙල් චුට්ටක් දාලා රත් වුනාම පොඩියට කඩා ගත්තු වේලුනු මිරිස් කරල් 5-6ක්, අබ චුට්ටක් දාන්න ..

අබ පුපුරනකොට තලා ගත්තු ඉඟුරු සුදු ලූණු , පොඩි කොටු කපා ගත්තු ලොකු ලූණු , රම්පෙ කරපිංචා , කරඳමුංගු කරාබු නැටි චුට්ටක් දාලා බැදෙන්න හරින්න ...

ලූණු බැදෙනකොට මිරිස් කුඩු , කහ කුඩු , ගම්මිරිස් කුඩු එකතු කරන්න...සීනි චුට්ටකුත් එකතු කරන්න 

ටිකක් බැදෙන්න ඇරලා පොල්කිරි චුට්ටක දිය කර ගත්තු සියඹලා ටිකක් එකතු කරන්න ..( වතුරේ දිය කලත් කමක් නෑ )

විනාඩි 2ට විතර පස්සෙ බැද ගත්තු ඉස්සො ටික එකතු කරන්න ..ඊට පස්සෙ දිග අතට කපා ගත්තු අමු මිරිස් , මාලු මිරිස් ටිකකුත් එකතු කරන්න ..

ටික වෙලාවකින් ලිපෙන් අයින් කරන්න ...

පියුමි තණවීර ආරච්චි ගේ වෙනත් කෑම වට්ටෝරු


නෙලුම් අල සම්බෝලය
පියුමි තණවීර ආරච්චි

ඉස්සො ඉස්ම
පියුමි තණවීර ආරච්චි

කිරි කැඳ
පියුමි තණවීර ආරච්චි

මාලු ඇඹුල්තියල්
පියුමි තණවීර ආරච්චි
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 1517
දියබත්
By Ishara Sajani Kavinga
Views - 552
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 903
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 1557
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 1290
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 9523
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 9520
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 9233
පැනි රොටී
By Chathurani Priyangika
Views - 6593
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 6561
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'