katatarasata.com

 

 

චොකලට් කේක්

- ශෂියා ශෂී විසිණි.



අවශ්‍ය ද්‍රව්‍ය 
*බටර් 200g
*පිටි 250g
*සීනි 250g
*කොකෝපව්ඩර් මේසහැදි 3
*බිත්තර 5
*බේකින් සෝඩා මේසහැදි 1
*බේකින් පවුඩර් මේසහැදි 1 1/2
*කිරි තේ කෝප්ප 1
*මද උනුසුම් වතුර මේස හැදි 5
*එලවළු තෙල් මේසහැදි 4
*වැනිලා තේහැදි 2
****අත්‍යවශ්‍යම නැත...තියනවානම් පමනක් යොදාගන්න ***
*චොකලට් එසන්ස් තේහැදි භාගයක් 
*චොකලට් බ්‍රවුන් කලරින් බිංදු දෙකක් 
සාදන ක්‍රමය 
*පිටි ,බේකින් පවුඩර් ,බේකින් සෝඩා ,කොකෝ පවුඩර් එකට මිශ්‍ර කර හොදට හලාගන්න.
*බටර් සහා සීනි හොදින් ක්‍රීම් වනතුරු ගසාගන්න.
*බිත්තර සුදු මද කහ මද වෙන වෙනම ගසා ගන්න ..
*සීනි දියවු පසු බිත්තර කහමද එකතු කර හොදින් කලවම් කර එයට උනුසුම් වතුර එලවළු තෙල් එකතු කර හොදින් ගස ගන්න
.එයට පිටි දමන්න ,කිරි වැනිලා එසන්ස් ,කලරින් එකතු කර හොදින් මිශ්‍ර කර බිත්තර සුදු මද එකතු කරන්න ...
*බටර් හා පිටි දමා සකසා ගත් තැටියක මිශ්‍රණය දමා 180°රත් වූ උදුනක විනාඩි 40-45 පමන් බේක් කරන්න ...(මේ රෙසපියෙන් භාගයකට තමයි මම කේක් එක හැදුවේ)

**චොකලට් විප්ඩ් ක්‍රීම්
කොකෝ පව්ඩර් මේසහැදි 2
අයිසිං සුගර් මේස හැදි 4
විප්ඩ් ක්‍රීම් අඬුකෝප්ප 1

බීටර් එකේ කෑලි දෙකයි,බෝල් එකයි විනාඩි 10-15 ශීත්කරනයේ තියලා අරගන්න.මුලින්ම වීප් ක්‍රීම් ,කොකෝ පව්ඩර් බීට් කරන්න...ඊට පස්සේ අයිසිං ශුගර් ටික ටික එකතු කර බීට් කරගන්න.බිටර් එක ඉස්සුවම හැලෙන්නෙ නැති ගානට ආවම ඇති.. .හොදටම නිවුන් කේක් එක හරි මැදින් කපලා මැද්දට චොකලට්ක්‍රීම් දාලා කේක් එක සැන්ඩ්විච් කරගන්න..මේ ක්‍රීම් එකෙන්ම කෙක් එක වටෙත් කවර් කරගන්න.ශීතකරනයේ දමන්න.

**Chocolate ganache
ඩාර්ක් චොකලට් 100g ඩබල් බොයිල් හෝ මයික්‍රොවේව් එකේ හරි දාලා උනූ කරගන්න..එයට ෆ්‍රෙශ්මිල්ක් මේස හැදි 3-4 ,ලික්විඩ් ග්ලුකෝස් තේ හැන්දක්දමා උකු සෝස් එකක් සාදාගන්න..ගොඩක් දියට ගන්න එපා...
වයිට් චොකලටුත් මේ වගෙ දියකරගන්න..මන් ගත්තේ රු30 එකෙන් භාගයයි....
හොදට නිවුනට පස්සෙ කේක් එක උඩට මේ හදාගත්තු සෝස් එක දාන්න...ඊට උඩින් වයිට් චොකලට් වලින් හැඩ කරගන්න.

ශෂියා ශෂී ගේ වෙනත් කෑම වට්ටෝරු


චිකන් බිරියානී,
ශෂියා ශෂී

ඌරුමස් බැදුමක්
ශෂියා ශෂී

චොකලට් කේක්
ශෂියා ශෂී

පොලොස් කරිය
ශෂියා ශෂී
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 913
දියබත්
By Ishara Sajani Kavinga
Views - 323
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 584
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 1009
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 943
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 8761
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 8391
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 8315
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 6054
පැනි රොටී
By Chathurani Priyangika
Views - 6034
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'