පෑන් කේක් - Pan Cake
- ඉන්දුනී වැලිවිට විසිණි.
මුලින්ම පැණි පොල් හදමු...
අවශ්‍ය ද්‍රව්‍ය:
පොල් කෝප්ප 1-2 පමණ
පැණි කොප්ප 1 (හෝ දුඹුරු පාට සීනි වලට වතුර දමා උණු කර පැණි සාදා ගන්න. සුදු සීනි නම් කැරමල් කර පැණි සාදා ගන්න.)
සාදන ආකාරය:
• පැණි උණු කර ගන්න. සීනි වලින් නම් වතුර ටිකක් දමා පැණි සාදා ගන්න.
• එයට ගාගත් පොල් ටිකක්, සුවඳ කුඩු (කරදමුංගු, කරාබු නැටි) ටිකක් සහ ලුණු ටිකක් දමා පැණි සහ පොල් හොදට කවලම් වන තුරු හැදි ගාමින් මලවා ගන්න.
• පැණි හිඳීගෙන එන විට ලිපෙන් බා නිවෙන්න තියන්න.
පෑන් කේක් බේස් එකට..
අවශ්‍ය ද්‍රව්‍ය:
පිටි කෝප්ප 1
පොල් කිරි කෝප්ප ½ පමණ (ෆ්‍රෙෂ් කිරි වුණත් හොඳයි)
බිත්තර 1
ලුණු ටිකක්
කහ කුඩු ටිකක්
සාදන ආකාරය:
• මේ සියල්ල බ්ලෙන්ඩ් කර ටිකක් උකුවට මිශ්‍රණය හදා ගන්න.
• තැටියක හෝ පෑන් එකක තෙල් ටිකක් ගාලා රත් වුණාම මිශ්‍රණයෙන් හැන්දක් විතර දාලා කරකවලා (හෝ හැන්දෙන් තුනී කර) අවශ්‍ය තරමේ රවුමක් සාදා ගන්න.
• එය පියනකින් වසා ටිකක් වෙලා තියන්න. රන්වන් පාට වුණාම අනිත් පැත්ත දාලා ටික වෙලාවකින් ලිපෙන් බාන්න.
• ඉන්පසු සාදා ගත් පැණි පොල් ටිකක් මැදින් තබා රෝල් කරන්න.
![]() By Nisha Navarathna Views - 9 |
![]() By Niranjala Fernando Views - 9 |
![]() By Niranjala Fernando Views - 9 |
![]() By Niranjala Fernando Views - 9 |
![]() By Niranjala Fernando Views - 8 |
![]() By Ruwanthika Madushani Views - 18383 |
![]() By Shiki Ranasinghe Views - 15706 |
![]() By Indunee Welivita Views - 15613 |
![]() By Indunee Welivita Views - 14877 |
![]() By Chathurani Priyangika Views - 11296 |