katatarasata.com

 

 

රටකජු චට්නී

- ශකිලා පෙරේරා විසිණි.



අවශ්‍ය දේවල්,
අමු රට කජු 250g
කඩල පරිප්පු 100g
උඳු ඇට 50g
උළුහාල් තේ හැදි ¼
තල ඇට මේස හැදි 1/2ක් පමණ
අමු මිරිස් කරල් 5-7
කෑලි වලට කඩා ගත් වියළි මිරිස් කරල් 2-3
සුදුලූණු බික් 2-3
අඟල් ½ක පමණ ඉඟුරු කැබැල්ලක්
කරපිංචා කොළ 8ක් පමණ
ගා ගත් පොල් 35g
අබ තේ හැදි ¼
චොප් කර ගත් රතු ලූණු ගෙඩි 3-5
මිරිස් කුඩු තේ හැදි 2
දිය කර ගත් සියඹලා මේස හැදි 2
ලුණු (රස අනුව)
තෙල්

සාදා ගන්නා ආකාරය,
රටකජු, කඩල පරිප්පු සහ උඳු ඇට ටික සෝදා වතුර බේරෙන්න පසෙකින් ටික වේලාවක් තබා ගන්න.
දැන් සුදුසු භාජනයක් ගෙන ලිප තබා ගෙන එයට තෙල් මේස හැදි 3-4ක් දමා ගෙන තෙල් රත් වී ගෙන එන විට එයට රටකජු, කඩල පරිප්පු සහ උඳු ඇට දමා අඩු ගින්දරේ බැද ගන්න.
ඒවා යන්තමින් රන්වන් පාට වී ගෙන එන විට එයටම උළුහාල් ඇට, කරපිංචා කොළ 4ක් සහ තල ඇට ටික දමා ගෙන බැද ගන්න.
රට කජු හොඳින් රන්වන් පාටට බැදුනු විට මෙම මිශ්‍රණය ලිපෙන් බා ගෙන නිවෙන්න හරින්න.
බැද ගත් රට කජු මිශ්‍රණය සම්පූර්ණයෙන්ම නිවුනු පසුව එයට, අමු මිරිස් කරල්, සුදුලූණු, ඉඟුරු සහ පොල් ටික එකතු කර යන්තමින් කෑලි සිටින සේ හොඳින් ගලේ අඹරා ගන්න, නැතහොත් බ්ලෙන්ඩර් කරන්න. බ්ලෙන්ඩර් කරන විට වතුර එකතු කරන්න.
දැන් නැවතත් භාජනයක් ලිප තබා එයට තෙල් ටිකක් දමා ගන්න.
තෙල් රත් වූ විට එයට අබ ටික දා ගන්න.
අබ පුපුරන්නට පෙර එයට ඉතිරි කරපිංචා කොළ, චොප් කර ගත් රතුලූණු සහ කෑලි වලට කඩා ගත් වියළි මිරිස් එකතු කර ලූණු ටික රන්වන් පාටට හැරෙන තුරු බැද ගන්න.
ලූණු රන්වන් පාටට හැරුනු විට ගින්දර අඩු කර එයට මිරිස් කුඩු, අඹරා ගත් / බ්ලෙන්ඩර් කර ගත් රට කජු මිශ්‍රණය හා සියඹලා ටික දමා ගෙන හොඳින් කලවම් කර ගන්න.
ඉන් පසුව චට්නිය අවශ්‍ය පදමට වතුර හා රස අනුව ලුණු එක් කරන්න.
පසුව තවත් විනාඩි 2-3ක් පමණ චට්නිය රත් කර ගෙන ලිපෙන් බා ගන්න.

වැදගත්, 

කැමති නම් මෙයට සීනි ස්වප්ලයක් ද (තේ හැදි ½ කට අඩුවෙන්) එකතු කර ගන්න පුළුවන්.
අමු මිරිස් කරල් වෙනුවට කොච්චි වුවද පාවිච්චි කළ හැකියි.
මෙයට යොදන අමු මිරිස් කරල්, වියළි මිරිස් කරල්, මිරිස් කුඩු, සියඹලා සහ අබ ප්‍රමාණය රස අනුව අඩු වැඩි කර ගන්න.

ශකිලා පෙරේරා ගේ වෙනත් කෑම වට්ටෝරු


රටකජු චට්නී
ශකිලා පෙරේරා
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 762
දියබත්
By Ishara Sajani Kavinga
Views - 264
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 497
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 854
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 848
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 8538
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 8142
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 7947
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 5924
පැනි රොටී
By Chathurani Priyangika
Views - 5864
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'