katatarasata.com

 

 

මාළු ඇඹුල්තියල් කල් තබාගන්න ක්‍රම කිහිපයක්:

- විසිණි.



මාළු ඇඹුල්තියල් කල් තබාගන්න ක්‍රම කිහිපයක්: 

කල් තබාගෙන කෑමට ගැනීමට සකස්කරන මාළු එකට කිසි විටකත් කුරුදු, රම්පෙ, කරපිංචා භාවිතා කරන්න එපා. 

මද ගින්දරින් වතුර හිදෙනකන් තම්බාගන්න. 

පිසගත් මාළු ඇඹුල්තියල් හොදින් නිවෙනතුරු වසන්න එපා. (හුමාලය වතුර ලෙස නැවත එක්වන නිසා)

ආහාරයට ගැනීමේදී සෑමවිටම වියලි හැන්දක් පමනක් භාවිතාකරන්න. කිසිවිටක පිසගත් මාළු ඇඹුල්තියල් අතින් අල්ලන්න එපා. 

මේ ආකරයෙන් සීතකරණය තුල මාසයක් පමණ කාලයක් මෙන්ම. සාමානය පරිසරය තුළ සතියක් පමන තබාගත හැක. වැඩිකාලයක් කල්තබාගැනීමට අවශයනම් භාවිතයට අවශය ප්‍රමානවලට වෙන්කර අදිසීතකරණයේ තබා ආහාරයට අවශය ප්‍රමානය පමනක් සීතල ඉවත්කරගන්න.

සාදන ක්‍රමය: 

මාලු හොදින් සෝදන්න ලුනු මිශ්‍ර වතුරෙන්

මුලින් ගොරකවලට ලුනු එකතුකර තම්බාගන්න. 

ඉන්පසු ගොරක, කහ, ගම්මිරිස් සිහින්ව අඹරාගන්න. 

ලුනු ගම්මිරිස් ඇතිපදමට තියදකියල ටිකක් රස බලන්න මාලු දාන්න කලින්. ටිකක් වැඩිවුනාම හොදයි

ඉන්පසු එයට උනුවතුර ටිකක් දමා මිශ්‍රනය තලපයක් ලෙස සකසා ගන්න. 

සාදාගත් ගොරක මිශ්‍රනයේ මාලු හොදින් තවරන්න. (මම නම් කෑලි එකිනෙක වෙනම තරවන්නෙ) 

ඉන්පසු බදුන තුළ පිලිවෙලින් අසුරාගන්න. (මැටි බදුනක් වඩා උචිතයි) 

ඉන්පසු ඉතිරිවන ගොරක මිශ්‍රනයට අවශයනම් වතුර ඉතා ස්වල්පයක් එක්කර ( මාලු තවරා ඉතිරිවන ගොරක උකුදියරයක් ලෙස ඇත්නම් වතුර එකතුකරන්න එපා) බදුනේ ඇති මාලු වැසෙනසේ දමන්න. ඉන්පසු පියනකින් වසා ඉතා අඩුගින්දරින් පිසගන්න. 

විටින් විට පිසගන්නා අතරතුර බදුන හොදින් සොලවන්න. කිසිවිටක හැදිගාන්න එපා. 

හොදින් වතුර සිදීමට මාලු තැම්බුන පසු පියන හැර වියලි වනතෙක් පිසගන්න.

ගේ වෙනත් ලිපි

දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 1209
දියබත්
By Ishara Sajani Kavinga
Views - 429
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 730
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 1261
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 1103
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 9108
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 8896
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 8773
පැනි රොටී
By Chathurani Priyangika
Views - 6301
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 6270
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'