katatarasata.com

 

 

මාගරින් ගුණදායකද?

- විසිණි.



තිත්ත ඇත්ත..

ඇස්ට්‍රා ,ෆ්ලෝරා හෝ අනෙක් මාගරීන් වර්ග බටර් වෙනුවට ඉතා ගුණදායකයි කියලා හැමෝ ම පාවිච්චි කරනවා තම යි. ඒත් රත් කිරීමේදී මේ සියලු margarine වර්ගවල ඇති සංයුතිය වෙනස් වීම නිසා විෂ ,පිළිකාකාරක සංයෝග සාදන බව පර්යේෂණවලින් සොයාගෙන තියෙනවා.ඒත් වෙළෙඳ උපක්‍රම සහ ප්‍රචාරක උපක්‍රම නිසා මේ වාර්තා ගැන පාරිභෝගිකයන් දැනුවත් වෙන්නෙ නෑ. අනෙක් කාරණය මේ සියලු මාගරින් වර්ග ශාකවලින් ගන්නා තෙල් වර්ගවලින් ගන්නා ඒවා වුවත් , මාගරින් බවට හැරවීමේදී සිදු කරන රසායනික ක්‍රියා හේතුවෙන් උග්‍ර විෂ සහිත සංයෝග නිපදවනවා. උදාහරණ, canola -බඩ ඉරිඟු තෙල්,sunflower oil- සූර්‍යකාන්ත තෙල් සහ හැමෝ ම ඉතා ගුණදායකයි කියලා ඉහළින් ම සළකන ඔලිව් තෙල් පවා. මේ ඕනෑ ම තෙල් වර්ගයක් ඉතා ගුණදායක බවට විවාදයක් නෑ, රත් නොකර කෑමට ගන්නා තෙක්. එහෙත් සංතෘප්ත මේදය අඩු බව කියන මේ තෙල්වර්ග ඉහළ උෂ්ණත්වයේ රත් කිරීමේදී අදාළ ගුණ සංයුතිය වෙනස් වී විෂ සහිත දේ නිපදවනවා. බටර් සහ නොමුහුන් පිරිසුදු පොල්තෙල් සංතෘප්ත මේදය ඉහළ අගයක් ගන්නා නිසා රත් කිරීමේදී එම උෂ්ණත්වයට ඔරොත්තු දීම නිසා ඉහත විෂ රසායන නිපදවන්නේ නැහැ. අවාසනාවකට බොහෝ දෙනා වෙළෙඳ උපක්‍රම සහ ඊනියා වෙළෙඳ සමාගම්වල ඉත්තෝ ලෙස ක්‍රියා කරන ඇතැම් වෛද්‍යවරුන් නිසා පොල්තෙල් ආදී දේශීය ගුණදායක ආහර ඉවත්කර පිටරටින් ගෙන්වන පිළිකාකරක එළවළු තෙල් ඇතුළු සියල්ල දෑතින් ම බදා හිසමුදුනේ තබාගන්නවා. ඇස්ට්‍රා ආදි මාගරීන්වලට එකතුකරන කල්තබා ගැනීමේ ද්‍රව්‍යය ,රසකාරක පමණක් නොවෙයි ,වර්ණකාරක ලෝකයේ බොහෝ රටවල්වල තහනම් preservatives වර්ග වෙනවා. කණගාටුවට කාරණය නම්,ගොඩාක් මව්වරු තමන්ගෙ කිරිකැටියාට ඝන ආහාර පුරුදු කරන කාලයේ දී බටර් වෙනුවට මේ මාගරින් වර්ග ආහාරයට එකතු කිරීම යි. බටර් එකතුකරන්න නොහැකි නම් ගෙදර සිඳගත් පිරිසුදු පොල්තෙල් ආහාරයට එක් කිරීම රස මෙන් ම ගුණ ත් වැඩි කරනවා
රූපවාහිනියේ පෙන්වන සෑම වෙළෙඳ දැන්වීමකට ම හසු නොවී,නිරෝගී දරුවන් වැඩිහිටියන් තනන ගෘහනියන් හට මෙය උපකාරයක් වේවා..

Flora,meadowlea වගේ ඉතා ඉහළ මිල මිළගණන්වල පවතින වස කළවම් මාගරීන් ඔබේ ආහරයට එකතු කරනවාද ,නැද්ද යන්න ඔබ ම තීරණය කරන්න. ..

පින්තූරය (post) උපුටා ගැනීමකි.

ගේ වෙනත් ලිපි

දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
කොත්තමල්ලි කොළ බත්
By Gayan Erandaka
Views - 153
අඹ ස්මූති
By Niranjala Fernando
Views - 284
අඹ මිල්ක්ශේක්
By Niranjala Fernando
Views - 251
ස්ව්ට් මෙලන් බීම
By Nisha Navarathna
Views - 183
අප්‍රිකොට් බීම
By Arjunee Upekkha Ranatunga
Views - 151
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 6431
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 5990
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 4413
පැනි රොටී
By Chathurani Priyangika
Views - 4366
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 4346
Copyright © 2017 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'