චිකන් මසාල පවුඩර් සාදා ගන්නා අාකාරය
- විසිණි.
අවශ්‍ය දෙවල් :
කොත්තමල්ලි ඇට කප් 1
මාදුරු මේසහැදි 2
සුදුරු මේසහැදි 4
කලු සුදුරු මේසහැදි 2
ගම්මිරිස් ඇට මේසහැදි 1
වෙලිච්ච මිරිස් කරල් 8 පමණ
උලුහාල් මේසහැදි 1
කරපිංචා කොල කප් 1
සාදන ක්‍රමය:
මුලින් පෑන් එකක් අරගෙන එයට ලිපේ තියා ගන්න .( අඩු ගින්දරේ )
පසු එයට කරපිංචා කොල ටික දමා කබලේ බැද ගන්න .එම කරපිංචා කොල අතින් අල්ලන කොට කැඩෙන ගානට තමා කබලේ බැද ගන්න ඕනා .
පසු කබලේ බැද ගත් කරපිංචා කොල ටික පිගානකට දමා ගන්න .
දැන් එම පෑන් එකටම වෙලිච්ච මිරිස් කරල් ටිකත් දමා ටික වේලාවක් කබලේ බැද ගන්න .මිරිස් ටික ගොඩක්ම කලු කර ගන්න එපා .
දැන් නැවත එම පෑන් එක ලිපේ තියා එයටම කොත්තමල්ලි ඇට / සුදුරු / මාදුරු / කලු මාදුරු / උලුහාල් / ගම්මිරිස් ඇට ටික වේලාවක් කබලේ බැද ගන්න ...
( මේ ටිකත් ගොඩක් පාට වෙනස් වෙනකම් කබලේ බැද ගන්න එපා . එතකොට චිකන් මසාල පවුඩර් එකේ රස සම්පුර්ණයෙන්ම වෙනස් වෙවි )
දැන් කබලේ බැද ගත් සියල්ලම එකට මිශ්‍ර කර හොදින් කුඩු කර , පෙනේරයකින් හලා ගන්න .
පසු චිකන් මසාල පවුඩර් ටික නිවුනාට පසු බෝතලයකට දමා , හුලං නොවදින ලෙස වසා ගන්න .
![]() By Kanchana Jayasekara Views - 618 |
![]() By Wishmi Views - 511 |
![]() By Kanchana Jayasekara Views - 528 |
![]() By Kanchana Jayasekara Views - 308 |
![]() By Shashiya Shashi Views - 916 |
![]() By Indunee Welivita Views - 7584 |
![]() By Shiki Ranasinghe Views - 6944 |
![]() By Ruwanthika Madushani Views - 6111 |
![]() By Dilini Madushika Views - 5123 |
![]() By Chathurani Priyangika Views - 5098 |