katatarasata.com

 

 

කොරලි මාළු තක්කාලි කරිය -

- නෙරන්ජලා ප්‍ර‍නාන්දු විසිණි.



කොරලි මාළු තක්කාලි කරිය..

අවශ්‍ය ද්‍රව්‍ය -

කොරලි මාළු 500g පමණ

ළූනු ගෙඩියක්

වියළි මිරිස් කරල් 6-7ක්

සුදුළූණු බික් අහුරක් - චොප්කර

සියඹලා යුෂ තේ හැඳි 2 ( රස අනුව )

තක්කාලි ගෙඩි 3-4 ( සාමාන්‍ය ප්‍රමාණයේ, රස දැනෙන්න ගන්න )

කොත්තමල්ලි කොළ මේස හැඳි 1 - චොප්කර

කහ ස්වල්පයක්

උළුහාල් ස්වල්පයක්

ලුණු රස අනුව

තෙල් ස්වල්පයක්

සාදන ක්‍රමය -

1. මුලින්ම මාළු කැබලි වලට ලුණු අතගා, විනාඩි 30ක් පමණ තබාගන්න.

2. දැන් කොත්තමල්ලි කොළ, ළූනු බාගයක්, වියළි මිරිස්, කහ, සියඹලා යුෂ එක්කර, අවශ්‍යනම් වතුර ස්වල්පයක් එක්කර, හොඳින් බ්ලෙන්ඩර් කර ක්‍රීම් කරගන්න.

3. දැන් තෙල් ස්වල්පයක් රත්කර, එයට අනෙක් ළූනු බාගය චොප්කර එක්කර, බැදෙන්නට හරින්න.

4. ළූනු බැදෙන විට එයට ක්‍රීම් කරගත් මිශ්‍රණය එක්කර විනාඩියක් පමණ තෙම්පරාදු කර, තක්කාලි එක්කර තවත් විනාඩියක් පමණ පිස, මාළු කැබලි, උළුහාල් එක්කර මිශ්‍රකර ගන්න.

5. දැන් මෙයට අවශ්‍ය ප්‍රමාණය වතුර ස්වල්පයක් එක්කර, ලුණු බලා හොඳින් පිසගන්න.

* හොදි ගතිය උකුවට එනතුරු.

##කොත්තමල්ලි කොළ නැති වුනත් හදන්න පුළුවන් මෙහෙම.

නෙරන්ජලා ප්‍ර‍නාන්දු ගේ වෙනත් කෑම වට්ටෝරු


තල් මිශ්‍ර රුලන් අලුවා
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

තල් කැවුම්
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

තල් කිරිපැණි
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

තල් කිරි
නෙරන්ජලා ප්‍ර‍නාන්දු
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
කජු හා ප්ලම්ස් මිශ්‍ර හාල්පිටි බිස්කට්
By Hiru Lahiru
Views - 122
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 153
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 100
පාන්
By Priyanthi Tissera
Views - 105
පාන්
By Hasintha Madushan
Views - 109
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 19029
පෑන් කේක්
By Indunee Welivita
Views - 16495
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 16270
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 15527
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11679
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'