katatarasata.com

 

 

අල කිරි හොදි - Potato curry

- මේනකා රොසරි රොද්‍රිගෝ විසිණි.



අල කිරි හොදී.......

පහුගිය දවස්වල අල කිරි හොදි සම්බන්දයෙන් කසු කුසුවක් ගියා මතකයි . ඒ උනට මන් ඒ ගන මෙලෝ දෙයක් දන්නෙ නෙ නෑ. ඔය වෙලාවෙ මට හිතුන මන් හදන විදියත් ඔයලට කියාන්න. අද හදපු අල කිරි හොද්දත් අරන් මේ පැත්තට අවේ එකයි.

මම නම් ටිකක් උකුවට කිරි හොදි කන කෙනෙක්.මම හදන කිරි හොදි වර්ගවලට කට්ටිය රසයි කියනව. ඔයලත් මෙහෙම හදනව ඇති. කමක් නෑ මන් කියන්නම්.

අල කැමති ප්‍රමනයක් , සාමන්‍යෙන් මම අල ගෙඩි 2 කට පොල් බෑගයක් ගන්නව. අල දිග අතට තමයි මම කප ගන්නෙ. අල වතුරෙන් තම්බල ගන්න එක මට හරියන්නෙ නෑ. එත්කොට ඒක කිරි හොද්දක් මිසක් අල හොද්දක් වගෙ නෑ. කපගත්තු අල ටිකට දෙවැනි තුන් වෙනි කිර දාගන්න. මිට් කිරි ටික අරන් තියගන්න. දිය කිරි ටික දාගෙන ඒකට , ලුණු , අමු මිරිස් , කරපින්ච , රම්පෙ , සුදුලූනූ , උලුහාල් චුට්ටක් , ගම්මිරිස් යන්තම් , කුරුදු කෑල්ලක් , සුදුරු චුට්ටක් , කරි කුඩු චුට්ටක් , තුනපහ කුඩු ටිකක් වැඩිපුර , ලුනු , කහ දාගන්න. කලවම් කරල පියනකින් වහල අඩු ගින්දරෙ තියගන්න. සැරින් සැරෙ හැදි ගාගන්න මතක් කරල. හොද්දෙ තෙල් ගතිය මතු වෙල , අල ටික අල ටික තැම්බුනට පසේ අර අරන් තියාගත්ත මිටි කිරි ටික දාල ගින්දර චුට්ටක් වැඩි කරල විනඩි 5 ක් වගෙ තියගන්න. තියනවනම් කලු කුඩු යන්තම් උඩින් ඉහගන්න.

කරි කුඩු චුට්ටක් අල , පරිප්පු , කිරි හොදි වලට එකතු කලම හොද රසක් එනව. අල කිරෙන්ම තම්බල ඉවුම සුපිරි රසක් එනේ. හොද්ද උකු උනම රස වැඩි. තෙලට දාල අල කිරි හොදි හදන අයට මේ විදියට හැදුවම තෙලට දන්න ඔනෙ නෑ හිතෙඉ. මොක්ද මේක ලස්සනට තෙල් පෑදිල එනවා. හදල බලල මටත් ගෙන්න.

මේනකා රොසරි රොද්‍රිගෝ ගේ වෙනත් කෑම වට්ටෝරු


කොහිල සලාදය
මේනකා රොසරි රොද්‍රිගෝ

අල කිරි හොදි
මේනකා රොසරි රොද්‍රිගෝ

බිත්තර තෙම්පරාදුව
මේනකා රොසරි රොද්‍රිගෝ

හයිද්‍රාබාද් බිරියානි
මේනකා රොසරි රොද්‍රිගෝ
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
කජු හා ප්ලම්ස් මිශ්‍ර හාල්පිටි බිස්කට්
By Hiru Lahiru
Views - 645
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 689
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 487
පාන්
By Priyanthi Tissera
Views - 569
පාන්
By Hasintha Madushan
Views - 504
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 20322
පෑන් කේක්
By Indunee Welivita
Views - 18851
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 17258
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 16552
පැනි රොටී
By Chathurani Priyangika
Views - 12545
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'