katatarasata.com

 

 

බිත්තර මිශ්‍ර කතුරුමුරුංගා මල් කරිය -

- නෙරන්ජලා ප්‍ර‍නාන්දු විසිණි.



බිත්තර මිශ්‍ර කතුරුමුරුංගා මල් කරිය..

අවශ්‍ය ද්‍රව්‍ය -

කතුරුමුරුංගා මල් - පිරිසිදු කරගත් හොදින් වතුර බේරාගත්

රතුළූනු වැඩිපුර

අමුමිරිස්

සුදුළූණු

රම්පා

කරපිංචා

තක්කාලි

උම්බලකඩ ටිකක්

මිටිකිරි ටිකක්

බිත්තර

කහ කුඩු ස්වල්පයක්

මිරිස් කුඩු ස්වල්පයක් - සැරට දාන්නෙ නෑ මිරිස් කුඩු

තුනපහ ස්වල්පයක්

ලුණු

සාදන ක්‍රමය -

1. මුලින්ම තෙල් ටිකක් රත්කර එයට සුදුළූණු දමා බැදෙන විට රම්පා , කරපිංචා දමා ටිකකින් ළූනු, අමුමිරිස් හා තක්කාලි දමා තෙම්පරාදු කරගන්න.

2. ටිකකින් එයට උම්බලකඩ, මිරිස් කුඩු , කහ, තුනපහ හා ලුණු එක්කර හොදින් මිශ්‍රකර, කතුරුමුරුංගා මල් එක්කර ගන්න.

3. දැන් මල්ටික තෙලේ මිශ්‍රකරමින් තත්පර කිහිපයක් තබා උකු පොල්කිරි ටිකක් එක්කර හොදින් පිසගන්න.

4. පිසුන පසු හොදි ගතිය ටිකක් තියෙන විටම එයට වෙනමම ගසාගත් බිත්තර එක්කර හොදින් මිශ්‍රකර ගන්න.

5. බිත්තර එක්කර එය පිසුන විගස ලිපෙන් ඉවත්කර ගන්න. හොදි ස්වල්පයක් තියාගන්න. එය ඉතාමත් රසවත්.

මෙය පාන් කන්නත් නියමයි. අපේ අම්මගෙ අතින් හැදුන ගොඩාක් රසවත් තවත් එක කෑමක් මේත් 😊

##කතුරුමුරුංගා මල් පිරිසිදු කරගන්න විට හොදින් මල්පෙති දිගහැර සෝදා ගන්න. කතුරුමුරුංගා මල් පොහොට්ටු ඇතුළත පවා අපිට නොපෙනෙන්න පනුවන් සිටිය හැක. පනුවන් , කණාමැදිරියන් බහුලව සිටින මල් වර්ගයක් කතුරුමුරුංගා මල්.

නෙරන්ජලා ප්‍ර‍නාන්දු ගේ වෙනත් කෑම වට්ටෝරු


තල් මිශ්‍ර රුලන් අලුවා
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

තල් කැවුම්
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

තල් කිරිපැණි
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

තල් කිරි
නෙරන්ජලා ප්‍ර‍නාන්දු
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
කජු හා ප්ලම්ස් මිශ්‍ර හාල්පිටි බිස්කට්
By Hiru Lahiru
Views - 122
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 152
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 100
පාන්
By Priyanthi Tissera
Views - 105
පාන්
By Hasintha Madushan
Views - 108
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 19028
පෑන් කේක්
By Indunee Welivita
Views - 16494
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 16269
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 15526
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11678
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'