katatarasata.com

 

 

කතුරුමුරුංගා මල් ඔම්ලට් කරිය -

- නෙරන්ජලා ප්‍ර‍නාන්දු විසිණි.



කතුරුමුරුංගා මල් ඔම්ලට් කරිය..

අවශ්‍ය ද්‍රව්‍ය -

කතුරුමුරුංගා මල් පෙති

බිත්තර

ළූනු - චොප්කර

අමුමිරිස් - චොප්කර

තක්කාලි - කුඩාවට කපා

රම්පා

කරපිංචා

උම්බලකඩ

මිරිස් කුඩු

තුනපහ

කහ

උළුහාල් ටිකක්

ලුණු

පොල්කිරි

තෙල් ටිකක්

සාදන ක්‍රමය -

1. මුලින්ම කපාගත් ළූනු , අමුමිරිස් , තක්කාලි වලින් ටිකක් කරියට වෙන්කර ගන්න.

2. දැන් ළූනු , අමුමිරිස්, තක්කාලි, උම්බලකඩ, මිරිස් කුඩු ස්වල්පයක් , තුනපහ ස්වල්පයක් , කහ ස්වල්පයක්, ලුණු එක්කර බිත්තර මිශ්‍රණය සකසා ගන්න.

3. එම මිශ්‍රණයට කතුරුමුරුංගා මල් පෙති හොදින් මිශ්‍රකර ගන්න.

4. දැන් තෙල් ටිකක් රත්කර මිශ්‍රණය ටික ටික දමමින් ඔම්ලට් සාදා දෙපැත්තම හරවා බැදගන්න. මැද යාන්තමින් අමු වුනාට කමක් නෑ දෙකට නවා හදන ඔම්ලට් එකේ. කරකර ගන්න එපා.

5. දැන් ළූනු , අමුමිරිස් , රම්පා , කරපිංචා, සුදුළූණු , තක්කාලි, පොල්කිරි හා මිරිස් කුඩු , තුනපහ , කහ සහ ලුණුද එක්කර උළුහාල් ටිකක්ද දමා පිසගන්න.

6. මෙම කරිය දිගටම හැදිගාමින් කැටි නොවන්නට පිසගන්න.

7. කරිය උතුරන්නට පටන් ගත්විට එයට සාදාගත් ඔම්ලට් අවශ්‍ය ලෙස කෑලි කපා එක්කර ගන්න.

8. දැන් බිත්තර කරිය බිත්තර නොකැඩෙන ලෙස මිශ්‍ර කරමින් ටික වේලාවක් පිසගන්න.

9. ලුණු ඇඹුල් බලාගන්න.

නෙරන්ජලා ප්‍ර‍නාන්දු ගේ වෙනත් කෑම වට්ටෝරු


තල් මිශ්‍ර රුලන් අලුවා
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

තල් කැවුම්
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

තල් කිරිපැණි
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

තල් කිරි
නෙරන්ජලා ප්‍ර‍නාන්දු
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
කජු හා ප්ලම්ස් මිශ්‍ර හාල්පිටි බිස්කට්
By Hiru Lahiru
Views - 122
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 153
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 100
පාන්
By Priyanthi Tissera
Views - 105
පාන්
By Hasintha Madushan
Views - 109
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 19028
පෑන් කේක්
By Indunee Welivita
Views - 16494
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 16270
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 15527
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11679
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'