katatarasata.com

 

 

බිත්තර මිශ්‍ර කතුරුමුරුංගා මල් කරිය -

- කාංචනා ජයසේකර විසිණි.



බිත්තර මිශ්‍ර කතුරුමුරුංගා මල් කරිය ~

අවශ්‍ය ද්‍රව්‍ය :-

* කතුරුමුරුංගා මල් 200 g

* බිත්තර 2

* උකු පොල් කිරි කෝප්ප කාලක් .

* සිහින්ව ලියා ගත් රතු ළූණු ගෙඩි 10

* තරමක් ලොකුවට කපා ගත් රතු පාට තක්කාලි ගෙඩියක් .

* අමු මිරිස් කරල් 2

* සිහින්ව ලියා ගත් සුදු ළූණු බික් 4

* උම්බලකඩ කුඩු මේස හැඳි 2

* කෑලි මිරිස් කුඩු තේ හැඳි 1

* කහ කුඩු තේ හැඳි කාලක් .

* ගම්මිරිස් කුඩු තේ හැඳි කාලක් .

* අමු තුනපහ කුඩු තේ හැඳි බාගයක් .

* තෙල් මේස හැඳි 2

* අබ තේ හැඳි කාලක් හා උළු හාල් තේ හැඳි කාලකට ටිකක් අඩුවෙන් .

* කරපිංචා ටිකක් .

* රස අනුව ලුණු .

සාදන ක්‍රමය :-

* කතුරුමුරුංගා මල්වල මැද නාරටි ඉවත් කර මල් පෙති ගලවා, සෝදා වතුර බේරා ගෙන තරමක් පොඩිවට කපා ගන්න .

* දැන් එයට කෑලි මිරිස් , කහ කුඩු , ගම්මිරිස් කුඩු , තුනපහ කුඩු හා ලුණු එකතු කර මිශ්‍ර කර ගන්න . ( අතින් ටිකක් අනන්න. ඒත් තදින් අනන්න එපා. එහෙම උනොත් තිත්ත වෙනවා )

* බිත්තර දෙක කඩා, බඳුනකට දමා ටිකක් ගසා ගෙන තියා ගන්න .

* පෑන් එකක් ලිපේ තබා, තෙල් ටික දමා රත් කරන්න .

* තෙල් රත් වන විට, අබ දමා පුපුරුවා ,ඉන්පසුව උළු හාල් දමා බදින්න .

* දැන් කරපිංචා , සුදු ළූණු , රතු ළූණු , අමු මිරිස් හා උම්බලකඩ දමා හොඳින් සුවඳ එන තුරු බැද තක්කාලි ටික එකතු කරන්න .

* දැන් මිරිස් තුනපහ සහ ලුණු එකතු කර අනා ගත් කතුරුමුරුංගා මල් ටික මෙයට එකතු කර හොඳින් මිශ්‍ර කරන්න .

* විනාඩියක් දෙකක් තෙලෙන් තෙම්පරාදු කර, පොල් කිරි ටික එකතු කරන්න .

* කිරි ටික හොඳින් උතුරන විට, ගසා ගත් බිත්තර ටික උඩින් දමා, ගින්දර අඩු කර පියනකින් වසන්න.

* විනාඩි දෙකක් පමණ ගිය පසුව පියන ඇර ඉදුණු බිත්තර ටික හැන්ඳකින් කෑලි කඩමින් හොඳින් මිශ්‍ර කර ගන්න .

* තවත් විනාඩියක් දෙකක් පිස, ලිපෙන් ඉවත් කර, උණුසුම්ව කෑමට ගන්න .

කාංචනා ජයසේකර ගේ වෙනත් කෑම වට්ටෝරු


මසාලා කිච්ඩි
කාංචනා ජයසේකර

කොස් ඇට ලඩ්ඩු
කාංචනා ජයසේකර

පොල් ටොෆී
කාංචනා ජයසේකර

රුලන් කේක්
කාංචනා ජයසේකර
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
කජු හා ප්ලම්ස් මිශ්‍ර හාල්පිටි බිස්කට්
By Hiru Lahiru
Views - 122
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 153
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 100
පාන්
By Priyanthi Tissera
Views - 105
පාන්
By Hasintha Madushan
Views - 109
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 19029
පෑන් කේක්
By Indunee Welivita
Views - 16495
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 16270
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 15527
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11679
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'