katatarasata.com

 

 

චිකන් ක්‍රීම් සුප් - Chicken Cream Soup

- කාංචනා ජයසේකර විසිණි.



අවශ්‍ය ද්‍රව්‍ය :-

* කුකුල් මස් 200 g ( කටු සහ සම ඉවත් කර තරමක් ලොකු කැබලි කපා ගන්න )

* ලොකු අල ගෙඩියක් සහ කැරට් අලයක් ( සෝදා පිරිසිදු කර ලොකු කෑලි කපා ගන්න )

* ලීක්ස් ගසේ සුදු පාට කොටසෙන් ටිකක් (ලොකු කෑලි කපාගෙන )

* සිහින්ව කපා ගත් ලොකු බී ළූණු ගෙඩියක්

* සිහින්ව කපා ගත් කොත්තමල්ලි කොල තේ හැදි 2

* සිහින්ව කපා ගත් සුදු ළූණු බික් 2

* කෝන් ඇට මේස හැඳි 1

* බටර් මේස හැඳි 1/2

* ගම්මිරිස් කුඩු තේ හැඳි 2 ( ගම්මිරිස් ටිකක් ලොකු කෑලි හිටින්න තලා ගන්න )

* නැවුම් කිරි කෝප්ප කාලක්

* චිකන් ස්ටොක් කෝප්ප කාලක්

* වතුර කෝප්ප 2

* රස අනුව ලුණු

තෙම්පරාදුවට අවශ්‍ය ද්‍රව්‍ය :-

* සිහින්ව කපා ගත් පොඩි සුදු ළූණු බික් 2

* කොටු කපා ගත් බී ළූණු ගෙඩි බාගයක්

* කොටු කපා ගත් කැරට් මේස හැඳි 1

* බටර් මේස හැඳි 2

* සිහින්ව කපා ගත් පාස්ලි කොල තේ හැඳි 1

සාදන ක්‍රමය :-

* ලොකු බාජනයක් ගෙන කිරි හැර අනෙක් සියළුම දේ දමන්න .

* දැන් මද ගින්දරේ ලිපේ තබා, උඩින් පියනකින් වසා විනාඩි විස්සක් පමණ තම්බන්න .

* හොඳින් තැම්බුණු පසුව එයට කිරි ටික එකතු කරන්න .

* තවත් විනාඩි දෙක තුනක් තබා, ලිපෙන් ඉවත් කර හොඳින් නිවෙන්නට තබන්න .

* හොඳින් නිවුනාට පසුව, මෙයින් මස් කෑලි දෙකක් පමණ ඉතිරි කර ගෙන ඉතුරු මස් හා එළවළු බ්ලෙන්ඩර් කර ගන්න . උකු වැඩි නම් තව වතුර ටිකක් එකතු කර ගන්න .

* දැන් බාජනයක් ලිපේ තබා රත් කර බටර් මේස හැඳි දෙක දමන්න .

* බටර් දිය වන විට සුදු ළූණු හා බී ළූණු දමා තෙම්පරාදු කර, එයට කොටු කපා ගත් කැරට් හා සිහින්ව කපා ගත් පාස්ලි කොල දමන්න .

* දැන් ඉතිරි කර ගත් මස් කැබලි දෙක කුඩා කැබලිවලට කඩා ගෙන, එයද මේ තෙම්පරාදුවට එකතු කරන්න .

* අවසානයට බ්ලෙන්ඩර් කර ගත් සුප් ටික දමා හොඳින් උතුරවා ගෙන, රස අනුව ලුණුත් ගම්මිරිස් කුඩුත් ඉස ගන්න .

කාංචනා ජයසේකර ගේ වෙනත් කෑම වට්ටෝරු


මසාලා කිච්ඩි
කාංචනා ජයසේකර

කොස් ඇට ලඩ්ඩු
කාංචනා ජයසේකර

පොල් ටොෆී
කාංචනා ජයසේකර

රුලන් කේක්
කාංචනා ජයසේකර
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
කජු හා ප්ලම්ස් මිශ්‍ර හාල්පිටි බිස්කට්
By Hiru Lahiru
Views - 375
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 403
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 300
පාන්
By Priyanthi Tissera
Views - 330
පාන්
By Hasintha Madushan
Views - 301
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 19740
පෑන් කේක්
By Indunee Welivita
Views - 17695
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 16819
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 15970
පැනි රොටී
By Chathurani Priyangika
Views - 12121
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'