katatarasata.com

 

 

තල් මිශ්‍ර රුලන් අලුවා -

- නෙරන්ජලා ප්‍ර‍නාන්දු විසිණි.



තල් මිශ්‍ර රුලන් අලුවා

මුලින්ම තල් ගෙඩිය පුච්චලා ගන්න කස්ටියම දැන් දන්නවනෙ නේද 🙂

# තල් මිශ්‍රණය සාදාගැනීම

හොදින් පුච්ච ගත් තල් ගෙඩියේ කරවුන පොත්ත පරිස්සමින් ඉවත්කර ගන්න.. පොත්තේ දැලි ගතිය මදයට තැවරෙන්න දෙන්න එපා...

පොත්ත ඉවත්කල තල් ගෙඩිය වතුර ස්වල්පයක් දැමූ භාජනයකට දමා හොදින් මිරිකමින් එහි යුෂය ඉවත්කර ගන්න. මෙය දියකිරි වලිනුත් කරන්න පුළුවන් වතුර වෙනුවට ගෙන..

මේ විදියට වතුර හෝ දියකිරි පොඩි ප්‍රමාණ කිහිප වරක් ලෙස ගෙන තල් යුෂය හොදින් මිරිකා ඉවත්කරන්න.. ( එකවරක් මිරිකා ගත් යුෂ ඉවත් කර නැවත අලුත් වතුරෙන් මිරිකමින් යුෂ ගන්න )

මිරිකාගත් යුෂ පෙරා ගන්න.

** අලුවා වලට තල් යුෂ ගන්න විට පුළුවන් තරම් උකු ගතියට තියෙන්න ගන්න හොදේ 🙂

# අලුවා සාදා ගැනීම,

1. මුලින්ම රුලන් රන්වන් පාටට කබලේ බැදගන්න.

2. තල් කිරි මිශ්‍රණය හොදින් උණුකරන්න.

3. එය උතුරන ගතියට එනවිට සීනි හෝ පැණි රස අනුව එකතුකර ගන්න.

4. ලුණු ස්වල්පයක් එකතුකර ගන්න. ( තල් වලට ලුණු ස්වල්පයක් දැමීමෙන් එහි එන සාමාන්‍ය තල් වලටම ආවේනික වූ තිත්ත ගතිය අඩු වෙයි )

5. මෙම මිශ්‍රණය උකු වනතුරු හැදිගාන්න. ඒ කියන්නෙ දියරය උකු දියරයක් වන තුරු.

** මම මේ වෙලාවට කරන්නෙ තල් කිරි ටිකක් වෙනම භාජනයකට අයින් කරලා රුලන් දාලා කලවම් කරලා මදි ප්‍රමාණයට කිරි ටිකක් වැඩිපුර එකතු කරලා පිසගන්න එකයි. මොකද මෙච්චර ප්‍රමාණයට ගන්න කියලා ප්‍රමාණ කියන්න බැරි නිසා තල් කිරි වල. රුලන් නම් 250g වලට වඩා ප්‍රමාණයක් මම බැද ගත්ත තල් ගෙඩියක් සදහා.

6. එවිට බැදගත් රුලන් එක්කර එක ගුලියට එනතුරු පිසගන්න.

7. බටර් තැවරූ තැටියක තුනීකර තරමක් නිවුනම කෑලි ලකුණු කර හොදින් නිවුන පසු කෑලි කපා ගන්න.

උණුවෙන්ම මෙහි තරමක තිත්ත ගතියක් තියෙනවා. හොදට නිවෙන්නට හැර කෑමට ගන්න. එතකොට තිත්ත නෑ. ශීතකරණයේ තියලා කන්න තමා මම කැමතිම. තල් කෑම වර්ග ශීතකරණයේ තිබ්බම රස වැඩියි.

## තල් දැකලා කැලඹුන අයව බලන්න තල් යකෙකුත් ආවයි කියමුකෝ ෆොටෝ එකට 😛 ( පොඩිකාලෙ මගෙ තාත්ත කියලා දුන්න තල් සීයා/ තල් යකා වත් මතක් වුනා ආයෙත් මට 😃 )

# තල් ගෙඩියක් තෝරා ගන්න ආකාරය හා පුළුස්සා ගන්න ආකාරය ,

https://m.facebook.com/groups/505469172944266?view=permalink&id=617652678392581

නෙරන්ජලා ප්‍ර‍නාන්දු ගේ වෙනත් කෑම වට්ටෝරු


තල් මිශ්‍ර රුලන් අලුවා
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

තල් කැවුම්
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

තල් කිරිපැණි
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

තල් කිරි
නෙරන්ජලා ප්‍ර‍නාන්දු
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
කජු හා ප්ලම්ස් මිශ්‍ර හාල්පිටි බිස්කට්
By Hiru Lahiru
Views - 122
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 152
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 100
පාන්
By Priyanthi Tissera
Views - 105
පාන්
By Hasintha Madushan
Views - 108
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 19028
පෑන් කේක්
By Indunee Welivita
Views - 16494
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 16270
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 15527
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11679
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'