katatarasata.com

 

 

චිකන් බාස්කට් - Chicken Basket

- ස්ටෙලා හින්ඩ්ල් විසිණි.





චිකන් බාස්කට් .

හිතුමතේ හැදුවේ ..ඒත් රසයි....මේ කීෂ් නෙමෙයි හොදේ..කීෂ් වලට වඩා crispy..ඒකට බිත්තරයි බටරුයි දැම්මනේ..මේක හදන්න ලේසියි ඊට වඩා.හැබැයි කප් එක හදලා පස්සේ පිරවුම දාන්නේ

⚘කප් එක

පිටි කෝප්ප 1

ලුණු තේ හැදි 1

තෙල් මේස හැදි 1

එකට දාලා මික්ස් කරන්න..දැන් වතුර ටික ටික දාලා අතේ නොඇලෙන්න අනාගන්න...අතේ තෙල් චූට්ටක් ගාගෙන පුංචි බෝල වලට වෙන් කරගන්න...විනාඩි 10ක් 15ක් වහලා තියන්න..

මේක හදන්න විධි කිහිපයක් තියෙනවා..

1.කප් කේක් තැටිය අනිත් පැත්ත හරවලා පුංචි බෝල ඒ මත තිතලා තුනී කරන්න..180 C විනාඩි 15 ක් බේක් කරන්න.

2.බාගෙට බේක් කරලා හොදින් වහලා තියලා කැමති වෙලාවට තෙලේ බඳින්න.

3. නැත්තම් ඝනකම ග්ලාස් එකක් නැත්තම් ෆොයිල් කප් එකක් අනෙත් පැත්ත හරවලා කප් එක හදාගෙන ..ඒක තෙලේ දාලා බඳින්න...ටිකක් බැදෙනකොට කප් එක ග්ලාස් එකෙන් ගැලවෙනවා..

* හැබැයි ඒක ආරක්ෂිතව කල්පනාවෙන් කරන්න ඕනි...ග්ලාස් එකක් නම් ගොඩාක් රත් වෙන්න දෙන්න එපා.අඩුම ගින්දරේ හදන්න

ෆොටෝ බලන්න තේරෙයි..කප් එකේ හැඩය හදාගත්තම අඩිය ගෑරුප්පුවකින් හිල් කරලා බේක් කරන්න නැත්තම් බඳින්න..

⚘පිරවුම

කටු රහිත චිකන් වලට මිරිස් , කහ , තුනපහ , දෙහි එකතු කරලා තම්බගන්න..

අලත් ඒකටම දාලා තම්බන්න.

තම්බපු චිකන් තීරු වලට ඉරන්න.

අල ටික පොඩි කරන්න.

දැන් පෑන් එකකට තෙල් ටිකක් දාලා රත් වෙනකොට ඉඟුරු,සුදු ඵෑණු,ඵෑණු ,කරපිංචා,අමුමිරිස් දාලා තෙම්පරාදු කරගන්න.

චිකන් ටික දාලා බැදෙන්න අරින්න...ලීක්ස් ටිකක් ,ගා ගත් කැරට් ටිකක් දාන්න.

අන්තිමට පොඩි කරගත් අල, ලුණු,ගම්මිරිස් එක් කරන්න ..

මේ පිරවුම හදාගත් කප්වලට දාලා කැමති විදියකට සරසාගන්න.

* චිකන් වෙනුවට වෙන මස් ජාති,මාඵ,එළවඵ අරගන්න කැමැත්ත අනුව...උත්සවයකට වගේ ගන්නවනම් කලින් දවසේ බාගෙට බේක් කරලා තියලා ..පහුවදාට බැඳගන්න.

ස්ටෙලා හින්ඩ්ල් ගේ වෙනත් කෑම වට්ටෝරු


වම්බටු හා තක්කාලි බත්
ස්ටෙලා හින්ඩ්ල්

එළවළු බත්
ස්ටෙලා හින්ඩ්ල්

ලෙමන් රයිස්
ස්ටෙලා හින්ඩ්ල්

කැරට් හා ඔරේන්ජ් මික්ස් රයිස්
ස්ටෙලා හින්ඩ්ල්
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
කජු හා ප්ලම්ස් මිශ්‍ර හාල්පිටි බිස්කට්
By Hiru Lahiru
Views - 375
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 403
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 300
පාන්
By Priyanthi Tissera
Views - 330
පාන්
By Hasintha Madushan
Views - 301
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 19740
පෑන් කේක්
By Indunee Welivita
Views - 17695
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 16819
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 15970
පැනි රොටී
By Chathurani Priyangika
Views - 12121
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'