katatarasata.com

 

 

චිකන් වොලවූ වෙන්ට් - Chicken vol-au-vent

- තිළි කන්නන්ගර විසිණි.



Chicken vol-Au-vents

අවශ්‍ය කලමනා

පෆ් පේස්ට්‍රි ශීට්

කටු ඉවත්කර කුඩා කැබලිවලට කැපූ කුකුල්මස් 300 g

කුඩාවට කපාගත් ලූනු 50g

තලා ගත් සුදු ලූනු බික් 3ක්

Thyme සහ basil

ක්‍රීම් චීස් 225g

කෑලි මිරිස්

ගම්බිරිස් කුඩු

ලුනු රස පමනට

බිත්තරයක්

පොල්තෙල් මේස හැදි 2 ක්

ක්‍රමය

ප්‍රතමයෙන් ලුනු ගම්බිරිස් අතගා ගත් හීනියට කැපූ කුකුල්මස් වතුර ස්වල්පයක් දමාගෙන තම්බා වතුර පෙරාගන්න.

මේ අතර අවන් එක සෙල්සියස් අංශක 300 ක උශ්නත්වයට රත් කරගන්න. විනාඩි 10 පමන

ඉන්පසු රවුම් හැඩැති පෆ් පේස්ට්‍රි ශීට් ගෙන උඩින් බිත්තර සාරු තවරා අවන් එකට දමන්න. ( මෙම රවුම් හැඩැති පේස්ට්‍රි ශීට් සුපර්මාර්කට් වලින් මිලදී ගත හැකි අතර අවශ්‍යනම් හතරැස් හැඩති ශීට් ගෙන රවුම් කපා ගත හැක.

පේස්ට්‍රිය හොදින් පිලිස්සුන විට එලියට ගෙන උඩින් රවුම් කපා ගන්න. චායාරෑප හරාහා එය පැහැදිලි කර ඇත.

,

දැන් vol-Au-vents තුලට දමන මිශ්‍රනය සාදාගමු.

භාජනයක් ලිප තබා එයට පොල් තෙල් දමා තෙල් රත්වන විට තලාගත් සුදුලූනු දමා බැදගන්න.

ඉන්පසු තම්බාගත් කුකුල්මස්, රස පමනට ලුනු, කෑලි මිරිස්,ගම්බිරිස්,thyme සහ කපාගත් basil ස්වල්පයක් එක්කරන්න.

මිශ්‍රනය හොදින් කලවම් කර ලිපෙන් ඉවතට ගෙන හොදින් නිවෙන්නට හරින්න.

ඉන්පසු එයට කපාගත් ලූනු සහ ක්‍රීම් චීස් එකතුකර හොදින් කලවම් කරගන්න.

දැන් vol-Au-vents පේස්ට්‍රිය තුලට මෙම මිශ්‍රනය දමා කැමති සැරසිල්ලක් කරගන්න.

සැලකිය යුතුයි: කුඩා ලමුන්ට කෑමට දෙනවිට මිරිස් ප්‍රමානය අඩුකර කොටසක් සහ වැඩිහිටි අයට අවශ්‍ය ලෙස තවත් කොටසක් සාදා ගන්න.

* තවද අවශ්‍යනම් මේ සදහා හතු, සෝසේජස්,මාලු උවද කුකුල්මස් වෙනුවට ආදේශක ලෙස භාවිතා කල හැක. මා විසින් මෙය ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලාංකික අපගේ කටට රසට හුරු අයුරිනි.

තිළි කන්නන්ගර ගේ වෙනත් කෑම වට්ටෝරු


වැලිතලප
තිළි කන්නන්ගර

චිකන් වොලවූ වෙන්ට්
තිළි කන්නන්ගර

බ්‍රෙඩ් නගට්ස්
තිළි කන්නන්ගර

ස්පොන්ජ් කේක්
තිළි කන්නන්ගර
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
කජු හා ප්ලම්ස් මිශ්‍ර හාල්පිටි බිස්කට්
By Hiru Lahiru
Views - 375
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 403
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 300
පාන්
By Priyanthi Tissera
Views - 330
පාන්
By Hasintha Madushan
Views - 301
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 19740
පෑන් කේක්
By Indunee Welivita
Views - 17695
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 16819
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 15970
පැනි රොටී
By Chathurani Priyangika
Views - 12121
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'