katatarasata.com

 

 

චිකන් පයි - Chicken Pies

- හෂිතා වීරසිංහ විසිණි.



Chicken Pies

අවශ්‍යය දේ

පේස්ට්‍රී ශීට්ස්

වතුර

පාස්ලි

කැරට්

ග්‍රීන් පීස්

ඉගුරු සුදු ලූනු

අල (කැමතිනම්)

බටර්

චිකන් ස්ටොක් කියුබ්ස්

චිකන් (කුඩාවට කපාගත්)

ලූනූ

ග්‍රීන් පීස්

පාන් පිටි ස්වල්පයක්

මෆින් ට්‍රේ එකක්

(ප්‍රමාණ වශයෙන් කිව නොහැකියි )

මිශ්‍රනය සාදාගන්නා ආකාරය

රත්වූ පෑන් එකට බටර් දමා ඉගුරු සුදුලූනු, ලූනු දමා මිනිත්තුවක් පමන තිබෙන්නට හැර එයට චිකන් දමා රස අනූව ලුනු සහ චිකන් ස්ටොක් කියුබ් එකතු කරන්න.චිකන් එක පිසුනු පසු පාස්ලි සහ කැරට් එකතු කරන්න,පසුව කුඩාවට කොටු හැඩයට කපාගත් අලද එකතු කරන්න.සියල්ල තැම්බෙන්න අවශ්ය පමන වතුර එකතු කරන්න. (ගොඩක් නෙමේ ටිකක් වෙන්න.මොකද චිකන් වලත් වතුර උනන නිසා.)ගම්මිරිස් එකතු කරන්න සැර අනූව.අවසානයේදී ග්‍රීන් පීස් එකතු කරන්න.මිනිත්තු 5ක් පමන පිසගත් පසු ටිකෙන් ටික පිටි එකතු කරන්න.ගොඩාක් නෙමේ හෙමින් හෙමින් එකතු කරන්න මිශ්‍රනය තික් වෙනකන්.දැන් මිශ්‍රනය ලැස්තී.

පේස්ට්‍රි ශීට් වලින් රවුම් හැඩයට කපාගන්න

එය ඔයිල් ස්ප්‍රේ කරපු මෆින් ට්‍රේ එකේ අඩියට දමාගන්න

ඔබ සාදාගත් මිශ්‍රනය එයට දමා නැවතත් එය රවුම් හැඩැති පේස්ට්‍රි ශීට් එකෙන් වසාගෙන ඊට උඩින් බිත්තර සාරු ගාගෙන 180 c / 360 F වලට විනාඩි 15ක් පමන බේක් කරගන්න.

(එක එක අවන් වලට අනූව බේක් කරගන්නා වෙලාව වෙනස් වේ)

හෂිතා වීරසිංහ ගේ වෙනත් කෑම වට්ටෝරු


පැණි වලලු
හෂිතා වීරසිංහ

චිකන් පයි
හෂිතා වීරසිංහ

නිව්යෝක් ස්ටයිල් චීස් කේක්
හෂිතා වීරසිංහ

පාන් පුඩින්
හෂිතා වීරසිංහ
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
කජු හා ප්ලම්ස් මිශ්‍ර හාල්පිටි බිස්කට්
By Hiru Lahiru
Views - 374
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 402
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 299
පාන්
By Priyanthi Tissera
Views - 330
පාන්
By Hasintha Madushan
Views - 300
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 19739
පෑන් කේක්
By Indunee Welivita
Views - 17695
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 16817
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 15969
පැනි රොටී
By Chathurani Priyangika
Views - 12120
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'