katatarasata.com

 

 

කොණ්ඩ කැවුම් -

- ඉන්දුනී වැලිවිට විසිණි.



අවුරුද්දට නැතිවම බැරි කොණ්ඩ කැවුම් ගෙනාවා.. 🙂

Konda Kevum කොණ්ඩ කැවුම්

අවශ්‍ය ද්‍රව්‍ය:

හාල් පිටි 300 g

පාන්පිටි 80 g

දුඹුරු සිනි 200 g + 50 g

තද කහට තේ කොප්ප 1

ලුනු ස්වල්පයක්

බැදගත් මාදුරු ඇට මේස හැඳි 1

පොල් තෙල් අවශ්‍ය පමණ

සාදන ක්‍රමය :

• සිනි 200 g ට තේ කහට කොප්ප 1 දමා පැණි උනු කරගන්න. මේ පැණිය ගණකම වෙන්න හොඳ නෑ. වතුරෙන් සීනි දිය වුණාම එක පාරක් උතුරපු ගමන් බාන්න ඕන. පැණි නිවෙන්න තියන්න.

• හාල් පිටි කොටපු ගමන් කඩදාසියක තුනී කරලා පැය 5 වත් තියන්න.

• පිටි බාජනයකට දාලා ඒකට නිවුණු පැණිත් දාලා කැවුම් පදමට අනන්න (පින්තූරය බලන්න). එයට ලුණු ටිකක් සහ රස අනුව සීනි ටිකක් (සීනි 50 g ඉතිරි කර ගත්තේ මේ සඳහායි. ඒත් ඔක්කොම ඕන නෑ රස අනුව ටිකක් දාන්න.

• කැවුම් මිශ්‍රණය පැය 1ක් පමණ තබන්න.

• කැවුම් සාදන වෙලාවට මඳ උණුසුම් වතුර අවශ්‍ය පමණ පිටි මිශණයට දමා නැවත පදම සාදා ගන්න. පිටි වලට වතුර උරන නිසා ටිකක් තද ගතියක් තියෙනවා. ඒ නිසයි වතුර ටිකක් දාන්න ඕන වෙන්නේ.

• ඉන්පසු පතුල බොකුටු පොඩි තාච්චියකට තෙල් අඟල් 1 පමණ තෙල් දමා උණු කරගන්න. හැන්දක්, ඉරටුවක් (නැතිනම් කොක්ටේල් ස්ටික් එකක් වුණත් හරි), කැවුම් බැදලා දාන්න බාජනයක් සූදානම් කර ගන්න.

• පිටි මිශ්‍රණයෙන් හැන්දක් ගෙන අඟල් 4-5 පමණ ඉහලින් අල්ලා ගෙන පිටි දාන්න ගන්න.

• පිටි හැන්දෙන් ටිකක් ඉතිරි වෙනකොට කැවුමේ පතුල හැදිලා ඉවරයි. රවුම වටේට බුබුළු දානවා පෙනේවි.

• දැන් පිටි දාන එක නතර නොකර හැන්ද පහලට කරලා ටික ටික පිටි වැටෙන්න සලස්වන්න. ඒකෙන් තමයි කොණ්ඩය හැදෙන්නේ. ටික ටික පිටි වැටෙනකොට පෙනේවි කැවුම පිපිලා උඩට ඇවිත් මැද කලේ කට වගේ සිදුරක් මැදට තමයි අපි පිටි ටික දාන්නේ කියලා. ඒ වෙලාවෙදි පිටි බින්දුව ගානේ දාන්න.

• දැන් පිටි හැන්ද තියලා තෙල් හැන්දයි ඉරටුවයි ගන්න. ඉරටුව අර පිටි අමුවෙන් තියෙන සිදුරට දාලා කරකවන ගමන් හැන්දෙන් එතනට තෙල් දාන්න. මේක කරන ගමන් හැන්දෙන් වටේ ටික ටික තද කරන්න. එතකොට මැද සිදුරට වටේ තියෙන අමු පිටි එනවා. ඒවායින් තමයි මැද කොණ්ඩය උසට ගන්න පුලුවන්.

• ලස්සනට කොණ්ඩේ හදා ගත්තාම ඒකත් බැදෙන්න හොඳට තෙල් ඉහින්න. මේ වෙනකොට කැවුමේ පතුල හොඳට බැදිලා. පතුල බැදිලා වැඩි නම් ගින්දර අඩු කරගන්න. කැමති නම් කැවුම පැත්ත හරවලා කොණ්ඩේ හොඳට බැදෙන්න අරින්නත් පුලුවනි. දැන් තෙල් බේරා ලිපෙන් බාන්න.

ඉන්දුනී වැලිවිට ගේ වෙනත් කෑම වට්ටෝරු


කොණ්ඩ කැවුම්
ඉන්දුනී වැලිවිට

මුං කැරලි / මුං කැවුම්
ඉන්දුනී වැලිවිට

ආස්මි
ඉන්දුනී වැලිවිට

කිරියා
ඉන්දුනී වැලිවිට
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
කජු හා ප්ලම්ස් මිශ්‍ර හාල්පිටි බිස්කට්
By Hiru Lahiru
Views - 545
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 579
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 415
පාන්
By Priyanthi Tissera
Views - 473
පාන්
By Hasintha Madushan
Views - 424
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 20083
පෑන් කේක්
By Indunee Welivita
Views - 18446
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 17121
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 16346
පැනි රොටී
By Chathurani Priyangika
Views - 12401
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'