katatarasata.com

 

 

සීනි සම්බෝල බත් -

- තිලිනි ගයත්‍රී මුතුනායක විසිණි.



සීනි සම්බෝල

1.ලූනු ඉතා සිහින්ව කපා ගන්න.

2.එයට කෑලි මිරිස් කහ ලුනු අවශ්‍ය නම් මිරිස් කුඩු ස්වල්පයක් යොදා අතින් හොදින් කවලම් කරගන්න.

3.භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා රත් වෙනකොට එනසාල් කරාබු නැටි රම්පෙ කරපිංචා දාලා ඒ ගමන්ම ලූනු ටික ටික අරන් තෙලට දාන්න (එතකොට වැඩිපුර තියෙන වතුර එකතු වෙන්නෙ නෑ.)

4.ටික වෙලාවකින් සියඹලා ඉස්ම ටිකක් සහ සීනි ටිකක් එකතුකර නිතර කවලම්කරමින් ලූනු ටික මලවාගන්න.(පැණි පාටට හුරු තද දුඹුරු පාටක් වනතුරු මලවන්න. රතු පාට බී ලූනු භාවිතා කලාම ලස්සන පාට එනවා මම අද ගත්තෙ සුදුපාට බී ලූනු)

ඊට පස්සෙ බත් එක හදාගන්න.

1.හාල් කෝප්ප හතරක් සෝදා වතුර කෝප්ප අටක් සහ සුවද පොට්ටනිය යොදා ලිපේ තියාගෙන බත පිසගන්න.බත පිසුනු පසු සුවද පොට්ටනිය ඉවත් කරන්න.

(පොඩි රෙදි කෑල්ලක් ගෙන එයට එනසාල් කරාබු නැටි බේලීෆ් හෝ රම්පෙ කොලයක් යොදා පොට්ටනියක් ආකාරයට ගැට ගසා සුවද පොට්ටනිය සාදා ගන්න.)

2.උකු පොල්කිරි කෝප්ප එක හමාරකට කහ කුඩු ස්වල්පයක් සහ ලුනු යොදා කවලම් කර පිසගත් බතට එක් කර මද ගින්දරේ හැදිගාමින් සාමාන්‍ය කිරිබත පිසින ආකාරයට බත් එක සාදාගන්න.

3.බත උනු උනුවෙන්ම සාමාන්‍යයෙන් අගලක් පමණ උස තරමක රවුම් පියනකට පුරවා මට්ටම් කර දීසියක් මත තබා තට්ටු කරන්න අපි පොඩි කාලේ කෝම්පිට්ටු හදනවා වගේ.සියල්ල එසේ සාදා නිවෙන්න තියන්න.(නිවුනු බත් රවුම් කැඩෙන්නෙ නෑ.)

4.දීසිය මත තබාගත් බත් රවුම මත සීනී සම්බෝල තවරා තවත් බත් රවුමක් ඊට උඩින් තබා ගන්න.

මේ විදිහට හැදුවේ හස්බන් කිව්වේ මේ විදිහ නැත්නම් ඉතින් අපි ඉඹුල් කිරිබත් හදන විදිහටත් හදන්න පුලුවනි.හැබෙයි මේ විදිහෙ පොඩි වෙනසකුත් තියෙනවා.

තිලිනි ගයත්‍රී මුතුනායක ගේ වෙනත් කෑම වට්ටෝරු


තෙම්පරාදු බත්
තිලිනි ගයත්‍රී මුතුනායක

කිම්චි පොගුම් පප්
තිලිනි ගයත්‍රී මුතුනායක

සීනි සම්බෝල බත්
තිලිනි ගයත්‍රී මුතුනායක

පනා කැවුම්
තිලිනි ගයත්‍රී මුතුනායක
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
කජු හා ප්ලම්ස් මිශ්‍ර හාල්පිටි බිස්කට්
By Hiru Lahiru
Views - 375
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 403
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 300
පාන්
By Priyanthi Tissera
Views - 330
පාන්
By Hasintha Madushan
Views - 302
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 19741
පෑන් කේක්
By Indunee Welivita
Views - 17695
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 16819
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 15970
පැනි රොටී
By Chathurani Priyangika
Views - 12121
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'