katatarasata.com

 

 

පනීර් චීස් බත් - Paneer Cheese Rice

- වජිරා අස්සලඅාරච්චි විසිණි.



පනීර් චීස් බත්

-------------------

පිසගත් බත් කෝප්ප 3

පනීර් චීස් පැකට් 1

කොත්තමල්ලි කොළ

බේකොළ

කැරට් , ලීක්ස් (සිහින්ව ලියාගත් )

මාලුමිරිස් , තක්කාලි (පොඩියට කොටු කපන්න )

ළූණු (සිහින්ව ලියාගත් )

ඔලිව් ඔයිල් මේස හැදි 2

බිත්තර 3

ලුනු , ගම්මිරිස්කුඩු

1. පනීර් පොඩියට කොටු කපා ලුනු කලවම්කර ගැඹුරු තෙලේ බදින්න .

2. බදූනක් ලිප තබා රත්වුවිට ඔලිව් ඔයිල් දමන්න .

3. එය රත්වුවිට කැරට් , ලීක්ස් , ළූණු දමා බැදෙන්නට හරින්න .

4. ඉන්පසු එයට මාලුමිරිස් , තක්කාලි දමන්න .බේකොළ දමන්න .බැදෙන්නට හරින්න .

5. බිත්තර දමන්න .බැදෙන්නට හරින්න .

6. ලුනු ගම්මිරිස්කුඩු දමා කලවම්කරගන්න .

7. අවසානයේ පිසගත් බත් සහ කොත්තමල්ලි කොළ දමා කලවම්කරගන්න

Chilly Prawns (චිලී ඉස්සෝ )

------------------------------------------

පොතුහැර ගත් ඉස්සෝ

දෙහි ඉස්ම

ලුනු , ගම්මිරිස්කුඩු , තෙල්

සෝයා සෝස්

මිරිස් සෝස්

සුදුලූණු , ඉගූරු (තලාගත් )

අමුමිරිස් ,බී ළූනු (සිහින්ව ලියාගත් )

මාලුමිරිස් ( පොඩියට කපාගත් )

කෝන්ප්ල්වර්

පාන්පිටි

තක්කාලි කෙචප්

1. ඉස්සෝ වලට ලුනු , ගම්මිරිස්කුඩු , දෙහි ඉස්ම , සෝයා සෝස් , මිරිස් සෝස් දමා කලවම්කර විනාඩි 20ක් පමණ මැරිනේට් වෙන්න තබන්න .

2. ඉන්පසු එයට කෝන්ප්ල්වර් සහ පාන්පිටි දමා කලවම්කර ගැඹුරු තෙලේ බැදගන්න .

3.ඉන්පසු බදූනකට තෙල් දමා රත්වුවිට සුදුලූණු , ඉගූරු , අමුමිරිස් දමා බැදෙන්නට හරින්න .

4. ඉන්පසු එයට මාලුමිරිස් බී ළූණු දමන්න .

5. ඒවා බැදීගෙන එනවිට ලුනු , ගම්මිරිස්කුඩු සෝයා සෝස් , මිරිස් සෝස් දමන්න .තක්කාලි කෙචප් දමන්න

6. කෝන්ප්ල්වර් ටිකක් වතුරෙ දියකර එයට දමන්න .

7. අවසානයේ බැදගත් ඉස්සෝ දමා කලවම්කරගන්න .

වජිරා අස්සලඅාරච්චි ගේ වෙනත් කෑම වට්ටෝරු


පනීර් චීස් බත්
වජිරා අස්සලඅාරච්චි

වෙජිටබල්ස් බිරියානි
වජිරා අස්සලඅාරච්චි

ගාලික් ගී රයිස්
වජිරා අස්සලඅාරච්චි

හොට් බටර් මෂ්රූම්
වජිරා අස්සලඅාරච්චි
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
කජු හා ප්ලම්ස් මිශ්‍ර හාල්පිටි බිස්කට්
By Hiru Lahiru
Views - 375
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 403
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 300
පාන්
By Priyanthi Tissera
Views - 330
පාන්
By Hasintha Madushan
Views - 301
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 19740
පෑන් කේක්
By Indunee Welivita
Views - 17695
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 16819
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 15970
පැනි රොටී
By Chathurani Priyangika
Views - 12121
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'