katatarasata.com

 

 

පාන් - Bread

- හසින්ත මදුෂාන් විසිණි.



අවශ්‍යය කලමනා ටික

🔹පිටි 300g (කප් වලින් ගන්නවනම් කප් 1 යි 1/4ක් ගන්න)

🔹වතුර 175ml

🔹බටර් 20g

🔹ලුනු රස අනුව (සාමාන්‍යයෙන් 5gක් වගේ)

🔹සීනි තේ හැදි දෙකක් විතර

🔹යීස්ට් 5g

ඕං ඔය ටික තමා ඕන වෙන්නෙ.

එහෙනම් පට්ටාන්ගමු

මුලින්ම ගන්න අතපය දිග ඇරල පිටි එක අනාගන්න පුලුවන් භාජනයක්. (එහෙමයි කියල බාත් ටබ් එක එහෙම උස්සන් එන්න එපා.)

ඉඩකඩ ඇති භාජනයක් අරන් එකට පාන්පිටි ටික දාල යීස්ට් එකත් එකතුකරල ටික වෙලාවක් කලවම් කරන්න.

ඊට පස්සෙ ඒකට එකතු කරන්න ලුනු, සීනි. මේවත් ටික වෙලාවක් කලවම් කරන්න.

ඊලගට වතුර ටික, බටර් එකෙන් පෝඩ්ඩක් තියන්න ට්‍රේ එකේ ගාන්න.

පෝඩ්ඩක් කියන්නෙ පෝඩ්ඩම පෝඩ්ඩක් තේ හැදි බාගයක් වගේ.

එහෙම පොඩ්ඩක් තියාගෙන ඉතුරු බටර් ටිකත් එකතු කරල අනන්න ගන්න, දැන් ඉතින් ඇනිල්ලක් තමා තියෙන්නෙ.

ආනමු තව ආනමු... ආනමු තව ආනමු... විනාඩි 15ක් 20ක් කම්මැලි නැතුව අනන්න තමා තියෙන්නෙ.

ඩෝ එක අනන තරමට තමා පාන් එක සොෆ්ට් වෙන්නෙ. (එහෙමයි කියල පැය ගනන් අනන්න යන්න එහෙම එපා.

අන්තීමෙට මරදන්කඩවල වෑල්ඩින් වෙද මහත්තය ගාවට යන්න වෙයි අත් වලට බෙහෙත් කරන්න.)

❕ මැශින් එක තියනවනම් හරිම ලේසී. මීඩියම් ස්පීඩ් එකේ විනාඩි 10ක් අනාගත්තම ගානට එනව.

අතින් අනද්දි අතේ ටිකක් ඇලුනට ගනන්ගන්න එපා අනාගෙන අනාගෙන යන්න. අන්තීමෙට අනල ඉවර උනාම.

පිටි පොඩ්ඩක් එකතු කරල අනන්න එතකොට ඇලෙන එක නැතිවෙනව.

ඩෝ එක පදමට ඇනිලනම් පොඩි කොටසක් අරන් ඇදල බලද්දි රබර් එකක් වගේ ඇදෙනව ඉරෙන්නෙ නැතුව. ඒ කියන්නෙ වැඩේ ගොඩ.

⚫ ඊලග පියවර ඩෝ එක පිපෙන්න තියන එක

ඒකට ඩෝ එක තියන භාජනය තෙත රෙඩි කෑල්ලකින් වහල දාන්න අවන් එකට. අවන් එක ඔන් කරල නෙමේ අවන් එක ඕෆ් කරල දාන්න.

🎁මේ කියල දෙන්න යන්නෙ පොඩි රහසක්. කාටවත් කියන්නෙ එහෙම නෑ ඕං... ගුරු මුට්ටියක්.

එහෙම ඩෝ එක තියන භාජනේ තෙත රෙදි කෑල්ලකින් වහල අවන් එක අස්සට දාල

ඒක ගාවින්ම උතුරපු වතුර කෝප්පෙකුත් තියල අවන් එකේ පියන වහල තියන්න ඩෝ එක පිපෙන්න.

බලන්නකො එහෙම කලාම ඩෝ එක බැලුමක් වගේ පිම්බෙන්නෙ.

ඉතින් පැය බාගෙකින් වගේ පිපුන ඩෝ එක එලියට ගන්න. (වැඩිපුර පිපෙන්න කියල මල් පොහොර එහෙම දානව නෙමේ😂)

දැන් ඩෝ එක අරගෙන ඒක ආය ටිකක් අනන්න. පිම්බිල තියන ගෑස් බහින්න.

හෙන ලොකුවනෙ ඩෝ එකේ,😒 එක ගෙදර දෙන්නෙක්ට ලොකුව දාන්න දෙන්න බැහැනේ.😠 එක්කො මං, නැත්නම් ඩෝ එක. 😡

ඒ හින්ද ලොකුකම් තියාගන්න දෙන්න එපා. ලොකුකම බස්සන්න.😏

එහෙම අනල ආය තෙත රෙදි කෑල්ලෙන් වහල කලින් වගේම අවන් එකට දාන්න උනු වතුර කෝප්පෙකුත් තියල.

විනාඩි 15ක් 20ක් වගේ තියල එලියට ගන්න. එතකොට ආය ලොකුකම දාගෙන ඉදී😊

දැන් ඩෝ එක අරගෙන පිටි ටිකක් ඉසගත් ලෑල්ලට දාන්න. ඊට පස්සෙ ඩෝ එක තුනී කරගන්න.

සමාන්‍යයෙන් අගල් බාගයක් වගේ වෙන්න තුනී කරන්න

ඊලගට ඒක දෙකට නමන්න. ඒ කියන්නෙ තුනී කරගත්ත ඩෝ එකේ එක පැත්තක කොන් දෙකක් අනිත් කොන් දෙකට තියන්න.

ලේන්සුවක් නමනව වගේ

ඊට පස්සෙ ආය අගල් බාගයක් වගේ වෙන්න තුනී කරන්න. ඊලගට ආය අනිත් අතට නමන්න.

ඒ කිවුවෙ කලින් නැමුවෙ වම් පැත්තෙ ඉදන් දකුනු පැත්තටනම්. දැන් නමන්න උඩ පැත්තෙ ඉදන් පහලට.

ඒ කියන්නෙ දැන් ඩෝ එක දෙපැත්තටම නැමිල තියෙන්නෙ. එහෙම නමල ආය තුනී කරන්න අගල් බාගයක් අගලක් වගේ හිටින්න.

මේ තුනී කරද්දි හත‍රැස්ව දිගටියට හිටින්න තුනී කරන්න. ඊට පස්සෙ එක පැත්තක ඉදන් රෝල් කරන්න.

රෝල් කරගෙන හදාගන්න රෝල් එක අර ඉතුරු කරගත්ත බටර් පෝඩ්ඩ ගාගත්ත බේකින් ට්‍රේ එකක දාන්න.

මමනම් ගත්තෙ aluminum foil food container

ඊලගට ආය මේක පිපෙන්න තියන්න ඕන. (යකඩො මේක මාර පුප්පවිල්ලක්නෙ😱 කියන්න එපා ඉතින්. 😞

මොනා කරන්නද.. සැප විදින්නනම් දුක් විදල ඉන්න එපැයි.. මේ අන්තිම පාර ඕං)

❗ දැන් මේක තෙත රෙදි කෑල්ලෙන් වගන්න එපා. ලන්ච් දීට් එකකින් හරි ප්ලාස්ටික් ‍ෆිල්ම් එකකින් හරි වහන්න.

එහෙම කරන්න හේතුව මේකයි. අපි තෙත රෙදිකෑල්ලෙන් වැහුවම මේක ට්‍රේ එකෙන් උඩට පිපිල ආවම ඒ රෙදි කෑල්ලෙ පිටි එක ඇලෙනව.

එහෙම උනාම එක ගලවද්දි පාන් එක බහින්න වගේම බේක් කලාට පස්සෙ ඒ ඇලුන තැන හයි වෙනව.

මේව සේරම අත්දැකීම් ලබාගත්ත දේවල් මොකද මම මේව කරල අනාගෙන තමා හරිම විදිහ හොයාගත්තෙ. 😄

ඉතින් ඉටිකොලේකින් වහගත්ත පාන් එක ආය කලින් වගේම අවන් එක ඇතුලෙ උනු වතුර කෝප්පෙකුත් එක්ක තියන්න පිපෙන්න.

පැය බාගෙකින් වගේ ට්‍රේ එකෙන් උඩට එන්න පිපෙනව.

එතකොට ඉටිකොලෙයි වතුර කෝප්පෙයි අයින් කරල 200c උෂ්ණත්වයේ විනාඩි 30ත් 35ත් අතර කාලයක් බේක් කරගන්න.

පොඩි අවන් එකේනම් යටම ‍රැක් එකට දාන්න නැත්නම් පාන් එක පිපෙද්දි උඩකොයිල් එකේ වැදිල පිච්චෙන්න පුලුවන්.

ඒකත් මට වෙලා තියනව.😄 ඒ හින්ද පොඩි අවන් එකේනම් යටම ‍රැක් එකේ. ලොකු අවන් එකේනම් මැද ‍රැක් එකේ දාන්න

අවන් එකේ රස්නෙ දාද්දි උඩින් සහ යටින් දෙකෙන්ම රස්නෙ දාන්න.

විනාඩි 20ක් වගේ යද්දි උහුලගන්න බැරි සුවදක් එයි ඉවසන් ඉන්න.. 😍

අල්ලපු ගෙදර ඒන්ජල් සුමනාවති එහෙම දුවන් ඇවිත් ඇහුවොත් පාන් විකුනනවද කියල ඕං මම නෑ. 😂😂

(දැන් මූණු පොතේ සිරියාවතීලත් ඒන්ජල් වෙලානෙ ඒකයි😂)

එහෙනම් වැඩේ අහවරයි..... දැන් ඉතින් හොද්දක් හදාගෙන කන්ට තමා තියෙන්නේ...

ලංකාවෙ ඉන්න අයටනම් ඉතින් පාන් නතින්.. 😏රටවල් වල ඉන්න අපිටනෙ ලංකාවෙ පාන් කන්න නැත්තේ.

පාන් කියාගන්න බැරුව ඉන්න වෙලාවක පාන් ගෙඩියක් හදන් කෑවම අහවරයිනේ

ආය මොනාහරි කෑමකින් හම්බවෙමුකෝ බායි..

හසින්ත මදුෂාන් ගේ වෙනත් කෑම වට්ටෝරු


පාන්
හසින්ත මදුෂාන්

බටර් නැති බටර් කේක්
හසින්ත මදුෂාන්

කොත්තු
හසින්ත මදුෂාන්

මික්ස් රයිස්
හසින්ත මදුෂාන්
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
කජු හා ප්ලම්ස් මිශ්‍ර හාල්පිටි බිස්කට්
By Hiru Lahiru
Views - 375
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 402
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 300
පාන්
By Priyanthi Tissera
Views - 330
පාන්
By Hasintha Madushan
Views - 300
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 19740
පෑන් කේක්
By Indunee Welivita
Views - 17695
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 16819
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 15970
පැනි රොටී
By Chathurani Priyangika
Views - 12121
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'